ඉන්දියාවේ අධිකරණයක් ඩග්ලස් දේවානන්ද ඉල්ලයි

dewannda1

චෙන්නායි අධිකරණයක් විසින් ජනවාරි 18 වැනිදා පෙනී සිටින ලෙස දැනුම් දෙමින් හිටපු ඇමැති සහ ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානයේ නායක ඩග්ලස් දේවානන්දට සිතාසි නිකුත් කර තිබේ. 1986 වසරේ ඉන්දියාවේ චෙන්නායිහිදී දීපාවලී උත්සවයක් අවස්ථාවේ වෙඩි තැබූ බවට ඔහුට චෝදනා එල්ල වී තිබේ.

සියලූ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර තිබූ අතර ඩග්ලස් දේවානන්ද හැර සෙසු සැකකරුවන් අතුරුදන්ව සිටී. ඒ නිසා ඔවුන් සම්බන්ධයෙන් වෙනමත් ඩග්ලස් දේවානන්ද සම්බන්ධයෙන් වෙනමත් නඩුව විභාගයට ගන්නා ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලා ඇත.

මීට පෙර මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරය දරන සමයේ ඔහු ඉන්දියාවේ රාජ්‍යතාන්ත‍්‍රික සංචාරයක නිරත වූ අවස්ථාවේදී අත්අඩංගුවට ගන්නැයි ඇතැම් ඉන්දීය සංවිධාන විරෝධතාද පැවැත්වීය.