ඇමැති නියෝගයෙන් හොර ප‍්‍රාඩෝ රේගුවෙන් එළියට

prado1

රේගු වංචා නිසා රඳවා තබාගෙන සිටින ප‍්‍රාඩෝ ජිප් රථ 403ක් රජයේ ප‍්‍රබල ඇමැතිවරයෙක්ගේ නියෝගයක් මත දඩ මුදලක්ද නොගෙවා නිදහස් කරන්නට යන්නේ යැයි ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය චෝදනා කරයි.

මෙහි එක් වාහනයක් සඳහා අය විය යුතු මුදල ලක්ෂ අසූවක් වන අතර මේ නිසා රජයට අහිමි වන ආදායම කෝටි 322ක් වන බව පැවසේ. මේ පිළිබඳ ජනාධිපතිවරයාට ලිඛිතව පැමිණිලි කරන බව ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය කියා සිටී.