මැලේසියාව වැට්ටූ ජෝර්ජ් සෝරෝස් ජනවාරි 8 ලංකාවට

sorose

90 දශකයේදී මැලේසියාව ඇතුළු ආසියාවේ නැගී ආ ආර්ථිකයන් බිඳවැට්ටවීම පිළිබඳ චෝදනා ලැබූ ජෝර්ජ් සෝරෝස් නමැති ධන කුවේරයා ජනවාරි 8වැනිදා ලංකාවට ගෙන්වීමට රනිල්-මෛතී‍්‍ර ආණ්ඩුව කටයුතු කරයි. මේ බව හෙළිවූයේ අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රකාශයකිනි. කොළඹ ඞීආර් විජේවර්ධන මාවත ආශ්‍රිතව ලංකාවේ ආර්ථිකය හැසිරවීමේ මධ්‍යස්ථානයක් ගොඩනැඟීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටියි.
ඒ සඳහා ජනවාරි 07 සහ 08 යන දිනවලදී ජෝර්ජ් සෝරෝස්, මහාචාර්ය ජෝෂප් ස්ටිග්ලිස් ඇතුළු පිරිසක් පැමිණීමට නියමිතය. ජාතික ඵලදායිතා සම්මාන ප්‍රධානෝත්සවයේදී අගමැති රනිල් වික්‍රරමසිංහ විසින්ද ඔවුන්ගේ පැමිණීම තහවුරු කරන ලදී. අගමැතිවරයා පැවසුවේ ශ්‍රී ලංකා ඉකොනොමික් ෆෝරම්හි රැස්වීමක් සඳහා ඔවුන් සහභාගි වන බවයි. හාවඞ් විශ්වවිද්‍යලයේ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා මධ්‍යස්ථානය සමඟ එක්ව කටයුතු කරන බවද අගමැතිවරයා එහිදී පැවසීය.
මෙලෙස ඉදි කරන මධ්‍යස්ථානයේ අරමුණ වන්නේ ලංකාවේ ආර්ථිකය හැසිරවීමයි. නව ලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණ යටතේ ආර්ථිකය සඳහා වන රජයේ මැදිහත්වීම ඉවත් කරනු ලබන අතර ඉන් පසුව මෙම මධ්‍යස්ථානය විසින් ආර්ථිකයේ මෙහෙයුම් කටයුතු සිදු කරනු ඇති බවට මත පළ වී තිබේ.
මීට පෙර කොළඹ ඞී.ආර්. විජේවර්ධන මාවතේ කැසිනෝ සහිත හෝටලයක් ඉදි කිරීමට මහින්ද රාජපක්ෂ සහ ජේම්ස් පැකර් එකඟ වී සිටියහ. එහෙත් ජනතා විරෝධය හමුවේ එම ව්‍යාපෘතිය හකුළා ගනු ලැබීය. වත්මන් ආණ්ඩුව මැදිහත් වී ඉදි කරනු ලබන මෙම නව මධ්‍යස්ථානය ලංකාවේ ආර්ථිකය සමඟ සූදු කෙළිනු ඇති බව විචාරකයෝ පවසති.
ජෝර්ජ් සෝරෝස් ආර්ථික විශේෂඥයකු ලෙස අගමැතිවරයා හැඳින්වුවද ලෝක ආර්ථිකය තුළ ඔහුට ඇත්තේ කුප්‍රකට ඉතිහාසයකි. 1990 දශකය අග භාගයේ මැලේසියාව, තායිලන්තය සහ දකුණු කොරියාව වැනි රටවල ආර්ථික කඩා වැටීමේ සිදුවීම පිටුපස සිටින්නේ ජෝර්ජ් සෝරෝස් බව  එහකට මැලේසියාවේ හටපු අගමැති මහතීර් මොහොමඞ්ද සඳහන් කොට ඇත.

ජනරළ ඇසුරෙන්