ලෝකය පුරා පරිසර ක‍්‍රියාකාරීන්ට මේ වන විට පවතින ආණ්ඩුවලින් දැඩි තර්ජන එල්ලවී ඇති බව වාර්තා වෙනවා.
ජලය ආදී ස්වභාවික සම්පත් වෙළඳ භාණ්ඩ කිරීමට එරෙහිවත් වනාන්තර විනාශයට එරෙහිවත් අහිතකර විෂ මුදා හරින කර්මාන්තශාලාවලට එරෙහිවත් ලෝකයේ නන් දෙසින් මතුවී ඇති ජනතා විරෝධතා මීට හේතු වී ඇතැයි පැවසේ.
පසුගිය අපේ‍්‍රල් මාසයේ නිකුත් කළ වාර්තාවක් අනුව පවසන්නේ මෙය පරිසර ක‍්‍රියාකාරිකයන්ට පමණක් නොව පරිසර මාධ්‍යවේදීන් වෙතද එසේම බලපා ඇති බවයි.
මෙයට වැඩිපුරම ගොදුරු වී සිටින්නේ දකුණු ඇමෙරිකානු කලාපයි. මෙහිදී බ්‍රසීලය මෙහි ඉදිරියෙන්ම සිටින බවයි වාර්තා වෙන්නේ. හොන්ඩුරාස්හි පසුගිය වසර 05 තුළ මෙලෙස සිදුවීම් 101 සිදුවී ඇති බව කියවේ.