අයවැයෙන් විදෙස්ගත ශ‍්‍රමිකයන්ගේ පඩියෙන් රු. 15,000ක බද්දක්

fouring empolyment1

මෙවර අයවැය තුළින් සෑම විදෙස්ගත ශ‍්‍රමිකයෙකුගෙන්ම 15,000 ක බදු මුදලක් අය කර ගැනීමට ආණ්ඩුව යෝජනා කර තිබේ. අය වැය යෝජනාවලියේ 523 වන වගන්තිය අනුව, ”ශ‍්‍රී ලංකා විදේශ නියුක්ති කාර්යාංශය විසින් එක් සේවකයෙකුගෙන් එකතු කරගනු ලබන නියෝජිත ගාස්තුව රුපියල් 15,000 දක්වා වැඩි කිරීමට යෝජනා කරනවා.” යැයි සඳහන් කර තිබේ.

නමුත් ආණ්ඩුව මාධ්‍යට පවසා තිබුණේ මෙය අය කරන්නේ නියෝජිත ආයතනවලින් බවයි. කලින් මෙලෙස විදෙස්ගත ශ‍්‍රමිකයන් සූරා කනු ලැබුවේ නීති විරෝධී නියෝජිත ආයතන විසිනි. නමුත් දැන් එය ආණ්ඩුව විසින් මෙසේ විදෙස්ගත ශ‍්‍රමිකයන් මත විශාල බදු බරක් පැටවීම ගැන ඔවුන් සිය අප‍්‍රසාදය ආණ්ඩුවට පළ කරයි.