දණ්ඩ නීති සංග්‍රහයට සහ අපරාධ නඩු විධි විධාන සංග්‍රහයට සංශෝධන සිදු කරමින් ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක විසින් වෛරී සහගත ප්‍රකාශ පනත නමින් නව පනතක් දෙසැම්බර් 11දා පාර්ලිමේන්තුවට ගෙන එනු ලැබිණි.
එය මෙතෙක් කි‍්‍රයාත්මක වූ තස්තවාදය වැළැක්වීමේ පනතේ දිගුවක් ලෙස කි‍්‍රයාත්මක වීමේ ඉඩ පිළිබදව දෙස් විදෙස් මානව හිමිකම් කි‍්‍රයාකාරීන් සහ දේශපාලකයින් විවිධ ප්‍රකාශ ඉදිරිපත් කොට ඇත.
වෛරී සහගත ප්‍රකාශ වලට එරෙහිව කියා මාර්ග ගැනීම සදහා මෙතෙක් පැවති ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධි විධාන පැවැති අතර මෙම පනත හරහා එයින්ද ඔබ්බට ගමන්කරමින් ජන මාධ්‍ය, දේශපාලන කි‍්‍රයාකාරීත්වයන් සහ ආණ්ඩු විරෝධී පුද්ගලයන් දඩයම් කිරීමේ විනාශකාරී අවකාශයක් නිර්මාණය කරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය ප්‍රකාශ කරයි.
පෙ.ස.පෙ. විසින් මෙම පනතට එරෙහිව නඩුවක් ගොනුකොට ඇති අතර එය අද දෙසැම්බර් (18) විභාගයට ගැනීමට නියමිතය.