දිල්ලි ලිංගික අපරාධයෙන් මියගිය නිර්භයාගේ සැබෑ නම හෙළිකරයි

nirbhaya1

තුන්වසරකට පෙර දිල්ලි බස්රියක ගමන් ගනිද්දී සාමුහික ලිංගික අපරාධයකට හසුව මිය ගිය දැරියගේ නම හෙළිකිරීමට ඇගේ මව ඉදිරිපත් වී සිටී.

භෞතචිකිත්සක පාඨාමාලවක් හදාරමින් සිටි 23 හැවිරිදි තම දියණිය ‘ජ්‍යෝති සිං’ බව ඇගේ මව ආෂා සිං විසින් පසුගියදා දිල්ලියේ පැවැති ජනහමුවකදී හෙළි කළාය.

ලිංගික අපරාධයකට ලක්වූවන්ගේ නම් හෙළිකිරීමට ඉන්දිය නීතියෙන් අවසර නැති නිසා ‘නිර්භයා’ ලෙසින් ජනමාධ්‍ය හා සිවිල් ක‍්‍රියාකාරිකයන් විසින් නම් කළ පසු එම නමින් අද දක්වාම ඇය හඳුන්වන ලදී.

2012 දෙසැම්බර් 26වැනිදා දිල්ලියේදී සිදු වූ එම අපරාධය නිසා දුර්වල සෞඛ්‍ය තත්වයක පසු වූ ජ්‍යෝති, දින 13කට පසුව සිංගප්පුරුවේ රෝහලකදී මිය ගියාය. එහිදී චෝදනා කරනු ලැබූ අපරාධකරුවන් අතුරින් එක් අයකු සියදිවි හානිකරගත් අතර සිව්දෙනකු නඩුවිභාගයකින් පසුව 2014දී ජිවිතාන්තය දක්වා සිරද`ඩුවමට ලක් කරන ලදී.

අපරාධයට සම්බන්ධ වනවිට 17 හැවිරිදි සැකකරුවකු බාලවයස්කාරයකු ලෙස සලකා තුන්අවුරුදු පරිවාස කාලයකට යටත් කෙරිණි.

” මගේ දුවගේ නම එළිදරව් කරන එක තවදුරටත් ලජ්ජාවක් නෙවෙයි. ඈට ඒ ඉරණම අත්කරදුන් අපරාධකාරයන් තමයි ලැජ්ජා වෙන්න  ඕන” ඇගේ මව ප‍්‍රකාශ කර තිබිණි.