හවුල් ආණ්ඩුවේ 2016 අයවැය සම්මතවේ

bujet 2016

හවුල් ආණ්ඩුවේ මුදල් ඇමති රවී කරුණානායක විසින් ඉදිරිපත් කළ 2016 අය වැය තෙවැනි වර කියවීමෙන් පසු අද සවස වැඩි ඡන්ද 109කින් සම්මතව ඇත.

අද දින අයවැයට පක්ෂව ඡන්ද 160ක් ලැබුණු අතර එයට විරුද්ධව ඡන්ද 51ක්ද ලැබුනි. මන්ත්‍රීවරු 13 දෙනෙකු ඡන්ද විමසන මොහොතේ සභාගර්භයේ නොසිටියහ.

ජ. වි. පෙ. අයවැයට විරුද්ධව ඡන්දය දී ඇති අතර දෙමළ ජාතික සන්ධානය අය වැයට පක්ෂව ඡන්දය දී තිබේ. ඡන්දය විමසන අවස්ථාවේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, විමල් වීරවංශ, පවිත්‍රා වන්නිආරච්චි, ජනක බණ්ඩාර, ගීතා කුමාරසිංහ සහ මනූෂ නානායක්කාර යන අය පාර්ලිමේන්තු සභාවේ නොවීය.

පසුගියදා අය වැය දෙවැනිවර ඡන්ද විමසීමේ දී අයවැයට පක්ෂව ඡන්ද 159ක් ලැබුණි.