ඉන්දියාවෙන් ලංකාවට එන්න උමගක්

tunnal2

ඉන්දියාව සහ ලංකාව අතර මුහුදු පාලමක් සහ උමං මාර්ගයක් තැනීම කෙරෙහි ඉන්දියාවේ අවධානය යොමු වී තිබේ. මෙම ව්‍යාපෘතිය මීට වසර ගණනාවකට ඉහතදී ක‍්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ නමුත් වරින් වර එල්ල වූ විරෝධය හා විවිධ බාධා හමුවේ එය ක‍්‍රියාත්මක නොවීය.

මෙවර නැවතත් එම මාතෘකාව පෙරට පැමිණ තිබෙන්නේ ඉන්දියාවේ ප‍්‍රවාහන ඇමැති නිතික් ගද්කරි විසින් ඉන්දියාවේ ලෝක් සභාවේදී කරන ලද ප‍්‍රකාශයක් සමඟයි. ලංකාව සහ ඉන්දියාව අතර මුහුදු පාලමක් සහ උමගක් ඉදි කරන බවත් ඊට ආසියානු සංවර්ධන බැංකුව දායකත්වය ලබා දෙන බවත් ඔහු පවසා තිබිණි. ඊට ඇස්තමේන්තු කර ඇති වියදම ඉන්දියානු රුපියල් කෝටි 24,000කි.

මෙම පාලම ඉන්දියාවේ රාමේෂ්වරන් සහ ලංකාවේ තෙලෙමන්නාරම යා කරමින් ඉදි කිරීමට සැලසුම් කර තිබේ. ලංකාවේ අගමැතිවරයාගේ ඉන්දීය සංචාරය අතරතුරදී දෙරටේ අගමැතිවරුන් මේ පිළිබඳව සාකච්ඡුා කර ඇතැයිද ඇමැතිවරයා පවසා තිබේ.