ඉනිම නිමා කළ කි‍්‍රකට් මහැදුරු

lional-mendis

ලාංකේය කි‍්‍රකට් ක්ෂේත‍්‍රයේ සුපිරි තරු බවට පත් වූ කී‍්‍රඩකයන් රැුසකට කි‍්‍රකට් අත්පොත් කියාදුන් ප‍්‍රවීණ පුහුණුකරු ලයනල් මෙන්ඩිස් පසුගිය සිකුරාදා (09) අභාවප‍්‍රාප්ත විය. මිය යන විට ඔහු 80 වැනි වියේ පසුවිය. අර්ජුන රණතුංග, රොෂාන් මහානාම, මහේල ජයවර්ධන, බ්‍රෙන්ඩන් කුරුප්පු ඇතුළු කි‍්‍රකට් කී‍්‍රඩකයන් රැුසක් මෙන්ඩිස් මහතාගෙන් පුහුණුව ලබා තිබුණි. මෑතක් වනතුරුම භක්‍ක්‍ කි‍්‍රකට් පාසලේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ඔහු පිළිකාවක් වැලඳී ඇති බව හඳුනාගැනීමෙන් පසු පුහුණු පාසල් සේවය අවසන් කළේය. සති කිහිපයකට පෙර අර්ජුන ඇතුළු ඔහුගේ ශිෂ්‍යයන් පිරිසක් විසින් ඔහු වෙනුවෙන් උපහාර උළෙලක්ද පවත්වා තිබුණි.

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙන් පාසල් දිවිය ඇරඹූ ලයනල් මෙන්ඩිස් එහිදී කි‍්‍රකට් කී‍්‍රඩාවට අවතීර්ණ විය. පසුව ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලයට ඇතුළත් වී එහි පාසල් කි‍්‍රකට් කණ්ඩායම් සාමාජිකයකු විය. පාසල් දිවියෙන් පසු අම්බලන්ගොඩ කී‍්‍රඩා සමාජය නියෝජනය කරමින් ඔහු අන්තර් කී‍්‍රඩා සමාජ තරගාවලිය සඳහා කී‍්‍රඩාකර තිබුණි. කී‍්‍රඩාව අතරතුරදී පළමු රැුකියාව ලෙස කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ විද්‍යා විෂය සඳහා ගුරු සහායකයකු ලෙස 1959දී සම්බන්ධ විය. 1960දී මහරගම රජයේ ගුරු විද්‍යාලයට ඇතුළත් වී ගුරු පුහුණුව ලද මෙන්ඩිස් ජීව විද්‍යා ගුරුවරයකු ලෙස පානදුර සුමංගල විද්‍යාලයේ රාජකාරී ඇරඹීය. එහිදී පාසලේ කි‍්‍රකට් පුහුණුකරු ලෙසත් ශිෂ්‍ය භට භාර ආචාර්යවරයා ලෙසත් කටයුතු කළේය.

lional-mendis-2
1969දී කොළඹ නාලන්දා විද්‍යාලයට පැමිණි මෙන්ඩිස් එහි කනිෂ්ඨ කි‍්‍රකට් පිලේ පුහුණුකරු ලෙසද කටයුතු කළේය. 1973දී කොළඹ ආනන්දයට මාරුවීමක් ලද මෙන්ඩිස් එහි සේවය කළ කාලය තුළදී කනිෂ්ඨ කි‍්‍රකට් පිලේ පුහුණුකරු, ප‍්‍රධාන පුහුණුකරු, කි‍්‍රකට් භාර ආචාර්ය, ශිෂ්‍ය නායක භාර ආචාර්ය, නේවාසිකාගාර භාර ආචාර්ය ආදී භූමිකා රැුසක නිරත විය. රාජ්‍ය සේවා කි‍්‍රකට් තරගාවලියේදී අධ්‍යාපන සේවා කණ්ඩායම නියෝජනය කළ මෙන්ඩිස් පසු කාලයේදී භක්‍ක්‍ කණ්ඩායම නියෝජනය කරමින් තුන් වැනි කාණ්ඩයේ තරග සඳහා සහභාගී විය. පසුව ඔහු ආරම්භ කළ භක්‍ක්‍ කි‍්‍රකට් පාසල වෙත වසර 29ක් තම සේවය ලබාදී තිබුණි.

කි‍්‍රකට් පමණක් නොව ශිෂ්‍යයන් හට ඔහු ජීවත්වන විදියද ඉගැන් වූ බව අර්ජුන වරක් පවසා තිබුණි. අර්ජුන පිළිබඳව අපට විවේචන කොතෙක් තිබුණද ඔහු මුදලට අලෙවි වීමට එරෙහිව අරගලයක් කළ කී‍්‍රඩකයකු බව පැවැසිය යුතුය. අර්ජුනගේ පරම්පරාවේ බොහෝ දෙනෙක්ට එසේ වීමට ලයනල් මෙන්ඩිස් තුළින් ලද මිනිස් ඇසුරද හේතුවක් විනැයි සිතීම අපහසු නැත.
මුදල් වරදාන පමණක් නොව පාසල් දරුවන්ගේ මව්වරුන්ගෙන් ලිංගික අල්ලස් පවා ලබාගෙන දරුවා කණ්ඩායමට ඇතුළත් කර ගන්නා එවැනි දේ නොලැබෙන දරුවන් දක්ෂතා කොතෙක් තිබුණද නොතකා හරින පුහුණුකරුවන් කොතෙකුත් සිටී. එවැන්නන් අරක් ගෙන ඇති පාසල් කී‍්‍රඩා ක්ෂේත‍්‍රය තුළ ලයනල් මෙන්ඩිස් සුවිශේෂී මිනිසෙකි. ඔහු ගුරු වෘත්තියද පුහුණුකාරීත්වයද රැුකියාවක් කර නොගෙන තෘප්තියෙන් යුතුව නියැළෙන සේවයක් බවට පත් කරගෙන තිබූ බව පැහැදිලිය. ඔහුගෙන් පුහුණුව ලත් ශිෂ්‍යයන්ට පවා කී‍්‍රඩාව තුළ අද මුදල ඉදිරියේ යටත් වීමට සිදුව ඇති යුගයක ලයනල් මෙන්ඩිස් වැන්නන් අපට හමුවීමට නියමිතව ඇත්තේ පුරාවෘතයක් ලෙස පමණි.

 

උපුටා ගැනීම – ජනරළ පුවත්පත