ඉතාලියේ නාපෝලි නගරවාසීන් දහස් ගණනක් අද වීදිවලට බැස්සා.අද දින නාපෝලි වෙත පැමිණෙන ඉතාලි අගමැති මැටියෝ රෙන්සිට ආපසු යන්නැයි බල කිරීම ඔවුන්ගේ අරමුණයි.
මැටියෝ රෙන්සි නාපෝලි වෙත එන්නේ නගරයේ පැරණි කර්මාන්ත ප‍්‍රදේශයක් යළි ‘‘සංවර්ධනය’’ කිරීමේ වැඩ පිළිවෙලක් ගැන සොයා බැලීමටයි.ඇත්තෙන්ම අගමැතිවරයා මේ එන්නේ කර්මාන්ත හිමියන් වෙනුවන් මිස තමන් වෙනුවෙන්
නොවන බව ජනතාව දන්නවා. තීරණ ගැනීමේ ක‍්‍රියාවලියෙන් තමන් විතැන් කරමින් ධන කුවේරයන් වෙනුවන් තමන්ගේ ජීවිත බිලිදීම ගැන නාපෝලි ජනතාව කෝපාවිශ්ට වීම ස්වභාවිකයි.
‘‘නාපෝලිය රෙනිසිගේ ආණ්ඩුව විනාශ කරයි’’ යනුවෙන් ස`දහන් බැනරයක් පෙරටු කොටගත් පෙළපාලියේ ‘‘පිනෝකියෝ’’ ලෙස සැකසූ රෙනිසිගේ පඹයෙක් රැුගෙන ගිය ජනතාව ආණ්ඩුවේ රැුකියා පනතට හා අධ්‍යාපන ප‍්‍රති ව්‍යුහගත කිරීමැම් සැලසුමට විරුද්ධව හ`ඩ නැගුවා.
විය යුතු පරිදිම ඉතාලි පොලීසියේ ක`දු`එ ගෑස් හා ජල ප‍්‍රහාර මගින් නාපෝලි ජනතාවගේ විරෝධතාවය තාවකාලිකව අඩපන කර දැමුනා.
