අද දින අභිචනාධිකරණය හමුවේ කුමාර් ගුණරත්නම්ගේ පාරම්පරික පුරවැසි අයිතිය තහවුරු කරන ලෙස ඉල්ලා රිට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සමක් ගොනු කළ අතර එය විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීරණය කර ඇත.
මැයි මස 24 වැනි දින පෙත්සම්කාර පාර්ශවයේ හා වගඋත්තරකාර පාර්ශවය වන ආගමන විගමන පාලකවරයාට හා අදාල විෂය භාර අමාථ්‍යවරයාට ලිඛිතව කරුණු ඉදිරිපත්කරන ලෙස අද දින අභියාචනාධිකරණය නියෝග කර තිබේ.
පෙත්සම්කාර කුමාර් ගුණරත්නම් පාර්ශවය වෙනුවෙන් නීතිඥ නුවන් බෝපගේ ඇතුළු නීතිඥවරු කිහිප දෙනෙකු ඉිරිපත්ව ඇත.