කුමාර් ගුණරත්නම් සම්බන්ධයෙන් ලබා දෙන්නේ පනතට අනුව ලබා දිය හැකි අවම සිර දඬුවම සහ අවම දඩ මුදල බවත් පනතට අනුව අත්හිටුවූ සිර දඬුවම් ලබා දිය නොහැකි බවත් ප්‍රකාශ කළ විනිසුරුවරයා කුමාර් ගුණරත්නම්ට වසරක සිර ලිහිල් දඬුවමක් සහ රුපියල් පනස් දහසක දඩ මුදලක් නියම කළේය.
කුමාර් ගුණරත්නම්ට ආගමන විගමන නීති උල්ලංඝනය කිරීමට බලපෑ හේතු ඉතා සංවේදී වුවත් එම කරුණු මෙම නිශ්චිත නඩු තීන්දුවේදී සලකා බැලිය නොහැකි බවද විනිසුරුවරයා පැවසුවේය.
ගුණරත්නම් ලංකාවේ පුරවැසියභාවය ලබා ගැනීමට අදාළව ගෙන ඇති පියවර සහ ඊට අදාළ කරුණු සංවේදී බව ප්‍රකාශ කළ විනිසුරුවරයා වැඩිදුරටත් පැවසුවේ ඔහුගේ පුරවැසිභාවයට අදාළ ප්‍රශ්නයේදී එම සංවේදී කරුණු දේශපාලන අධිකාරියේ අවධානයට ලක් විය යුතු බවයි.
කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේදී නඩුවේ තීන්දුව අද (31) ප්‍රකාශයට පත් විය.