අද දින 1971 අපේ‍්‍රල් අරගලයට වසර 45ක් පිරීමත් සමග එම අරගලය දේශපාලන වශයෙන් ඇගයීමේ සහ දිවි පිදු අය සැමරීමේ වැඩසටහනක් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් දිවයිනේ ස්ථාන පහකදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ‘ශ්‍රේෂ්ඨ පරාජයක් – නොමියෙන අරමුණක්‘ යන තේමාව යටතේ ඒවා සංවිධානය කර ඇත.
අපේ‍්‍රල් 5 සවස 3ට ගම්පහ ස.න.ස. ශාලාව – සේනාධීර ගුණතිලක
අපේ‍්‍රල් 5 සවස 3ට ගාල්ල, කරන්දෙණිය ප‍්‍රජා කේන්ද්‍රය – පුබුදු ජයගොඩ
අපේ‍්‍රල් 5 සවස 3ට කෑගල්ල, තැපැල් ශ‍්‍රවනාගාරය – චමීර කොස්වත්ත
අපේ‍්‍රල් 5 උදේ 10ට බදුල්ල, කම්කරු සෙවන (බස් සමවාය අසල) – දුමින්ද නාගමුව
අපේ‍්‍රල් 5 සවස 3ට දඹුල්ල, නගර ශාලාව (බස් නැවතුම්පොළ උඩු මහල)
– ඉන්ද්‍රානන්ද ද සිල්වා
මීට අමතරව එක්සත් රාජධානිය, ඉතාලිය, ප්‍රංශය, ස්විට්සර්ලන්තය, ඔස්ට්‍රේලියාව, දකුණු කොරියාව, ජපානය යන රටවල සහ මැද පෙරදිග කලාපයේද තවත් රටවල් ගණනාවක්ද පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ විරු සමරු වැඩසටහන් ගණනාවක් පැවැත්වෙන බව එම පක්ෂයේ මාධ්‍ය ඒකකය පවසයි.