පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම්ගේ දේශපාලන අයිතීන් තහවුරු කරන ලෙස ලංකා ආණ්ඩුවට බල කරන උද්ඝෝෂණයක් අප්රේල් 09 වන සෙනසුරාදා ඉතාලියේ මිලානොි්හිදී පැවැත්විනි.
කුමාර් ගුනරත්නම්ගේ පුරවැසි අයිතිය තහවුරු කරනු!
දේශපාලන පලිගැනීම් නවතනු!
ඉල්ලීම් සදහන් බැනර් හා පුවරු සමග ශ්රී ලංකා කොන්සල් කාර්යාලය
ඉදිරිපිට සිංහල ඉතාලි ඉංග‍්‍රීසි භාෂා තුනෙන්ම පත‍්‍රිකා බෙදමින් සටන්
පාට කියමින් හා ඉතාලි බසින් විස්තර කරමින් ජනතා අවධානය දිනා ගත් මෙම උද්ඝෝෂණය
ඉතාලියේ වාමාංශික කොටස් වල සහයෝගය සහිතව සංවිධානය කර තිබුනේ පෙරටුගාමී සමාජවාදී
පක්ෂයේ ඉතාලි සංවිධානය විසිනි.
එහිදී මෙම විරෝධතාවයට පෙර කුමාර් ගුණරත්නම් හට මේ
මොහොත වන විට මුහුණ දීමට සිදුවී තිබෙන අසාධාරණ තත්වයන් ගැන ඉතාලියේ විවිධ සංවිධාන හා
ප‍්‍රගත ිශීලීන් දැනුවත් කිරීමේ ක‍්‍රියාවළියක් ගෙන ගිය අතර එමගින් ලංකා ආිණ්ඩුවේ හැසිරීම ගැන
අවබෝධයක් ගොඩනැගීමට ඔවුන් උත්සාහ ගෙන තිබිනි.