අල් ජසීරා අමෙරිකානු රූපවාහිනි අංශය වසා දමන්නට පසුගිය දා තීරණය කර තිබිණි. අමෙරිකන් ඩොලර් බිලියන 2ක් වටිනා එක්සත් ජනපද මාධ්‍ය වෙළෙඳපොළ තුළ මෙහෙයුම් ඒ සමග අවසන් කෙරෙනු ඇත.
ගල්ෆ් රටකින් ලෝකයට පුවත් ලබාදීම සඳහා පැනනැගුනු පලමුවැනි ප‍්‍රයත්නය ලෙස අල්ජසීරා පුවත් සේවය හැඳින්විය හැකිය. එහි වර්ධනීය ප‍්‍රවනතාවය ඇති වූයේ අරාබි වසන්තය ලෙස හැදින්වෙන දේශපාලන අරගල රැුල්ල ටියුනීසියාව, ඇල්ජිරියාව හා ඊජිප්තුව ඔස්සේ පැන නගින විටය. එම අරගලවලදී අරාබි රාජ්‍යයන් පොදුවේ පෙනී සිටියේ ඊට එරෙහි පාර්ශ්වය වෛනුවෙනි. එහෙත් කටාර් රාජය කේන්ද්‍ර කරගෙන බිහි කළ අල් ජසීරා පුවත් සේවය අරාබි වසන්තය රැල්ල උත්කර්ෂයට නංවන්නට කටයුතු කරන බවට අරාබි රාජ්‍යයන්ගේ චෝදනා නැගිනි. එක්සත් ජනපදයේ සිට ජනමාධ්‍ය වෙලෙඳපොළ අත්පත් කරගන්නට අල් ජසීරා ආයතනය විසින් සාර්ථක ක‍්‍රියාන්විතයක් ගෙන යන ලදී. එය එවකට කටාර් රාජ්‍යයේ එක්සත් ජනපද හිතවාදී දේශපාලන තීරණයක් බව නිසැකය.
අරාබි වසන්තය දේශපාලන වශයෙන් නිෂ්ක‍්‍රීය කරමින් එක්සත් ජනපදය ඇතුලූ අදිරාජ්‍යවාදී රාජ්‍යයන්ට හිතකර දේශපාලන තත්වයක් බිහි කරන්නට අල් ජසීරා කටයුතු කර ඇති බව අවසාන මැනීමේදී කිව හැකි බව ලෝකයේ විවිධ ජනමාධ්‍ය විශ්ලේෂකයන්ගේ අදහසයි. පවතින තත්වය යටතේ අල් ජසීරා අරාබි පුවත් සේවයක් බවට තටු හකුලා ගැනීම කටාර් රාජ්‍යයේ දේශපාලන තීරණයක් අනුව වියයුතුය.