කළුතර හා මාතර ගංගාවලට මුහුදු වතුර මිශ්‍ර වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මේ නිසා ඇතැම් ප්‍රදේශවල ජනතාවට පානීය ජල ගැටලුවක් මතුවීමේ අවදානමක් ඇතැයිද එම මධ්‍යස්ථානය පවසයි. එම ප්‍රදේශවලට පානීය ජලය සැපයීමට සැලසුම් කර තිබෙන බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මේ තත්වය උද්ගතව ඇත්තේ වියලි කාලගුණය හේතුවෙන් ගංගාවල ජල මට්ටම පහත බැසීමයි. වියලි කාලගුණ තත්වය ඉදිරියටද පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

