අයිලාන්ගේ කුර්දිගේ මතකය නැවතත්

aylan

අයිලාන් කුර්දිගේ දුක්මුසු ඡායාරුපය ඔබට මතක ඇති මේ කියන්න යන්නේ අයිලාන් කුර්දි ගැන තවත් කතාවක් නොවේ. ඊයේ තුර්කි අධිකරණ විසින් අයිලාන් කුර්දි මියයාම පිළිබදව චෝදනා කර සිරියානු ජාතිකයන් දෙදෙනෙකු බන්ධනාගාර ගත කර තිබේ.

ඔවුන්ට එල්ලකර ඇති චෝදනාව වන්නේ සිරියානු සරණාගතයන් නීති විරෝධීව තුර්කිය හරහා යුරෝපයට යැවීමේ මිනිස් ජාවාරම සම්බන්ධ බවට චෝදනා කරමිනි. අයිලාන් කුර්දි හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් අනාරක්ෂිත බෝට්ටුවක් මගින් ගෙන යාමේදී මෙම ඛේදජනක සිද්ධියට ඔවුන් මුහුණදී ඇත.

කෙසේ වෙතත් මෙම සිදුවීම සිරියානු සරණාගතයන් ගැන ලොව පුරා දශලක්ෂ ගණනාවකගේ අවධානය යොමු කිරීමට අයිලාන් කුර්දිගේ දුක්මුසු මරණය සමත්විය. නමුත් සෑබෑ ලෙසම සිරියානු හා ලොව පුරා ලක්ෂ ගණනාවක් සරණාගතයන් ලෙස අද තම මව්බිමේ දිවි ගෙවීමට නොහැකි දේශපාලන තත්වයකට අප ලොව පත් කලේ කවුරුන්දැයි විනිශ්චය නොකරන්නේ අන් කිසිවක් නිසා නොව තම ලාබය මත සියල්ල තීරණය කරන වත්මන් සමාජයේදීය.