හම්බන්තොට වරාය පැවරීමේ ගිවිසුම අත්සන් කරයි!

‘චයිනා මර්චන්ට්ස් සමාගම‘ විසින් හම්බන්තොට වරායේ කොටස් 80%ක් මිලදී ගැනීම සදහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමග ගිවිසුමකට එළඹ තිබේ.

මෙසේ ගිවිසුමකට එළඹීම සම්බන්ධව නිවේදනයක් නිකුත් කරමින් ආර්ථික සංවර්ධන ඇමැති මලික් සමරවික්‍රම පවසන්නේ හම්බන්තොට වරාය ඉදිකිරීම සදහා වූ ගිවිසුමේ ප්‍රකාර වාර්ෂිකව ණය වාරික හා පොලී ගෙවීමට ප්‍රමාණවත් ආදායමක් උපදවන්නේ නැති බවත් වරාය අධිකාරියේ සමස්ත ආදායමෙන් 1/3ක් ඒ සදහා වැයවන බවත්ය. ඒ හේතුවෙන් මෙම වරාය කොටස් විකුණා දමා ලැබෙන මුදලින් ණය ගෙවීමට අදහස් කරන බව එම නිවේදනයේදී ඔහු සදහන් කරයි. මෙම ගිවිසුමේ නිල කටයුතු ලබන වසරේ සම්පූර්ණවීමත් සමග හම්බන්තොට වරාය සම්පූර්ණයෙන්ම චයිනා මර්චන්ට්ස් පෝට්ස් හෝල්ඩින්ග්ස් සමාගමට හිමිවනු ඇත. චීන රජයට අයත් එම සමාගම විසින්  අමෙරිකන් ඩොලර් බිලියන 1.1ක් ගෙවා මෙසේ හිමිකරගත් හම්බන්තොට වරායේ ඉතිරි 20 % වරාය අධිකාරියට අයත්ය. මීට අමතරව වසර 35ක හිමිකාර ගිවිසුමක් අනුව අමෙරිකන් ඩොලර් මිලියන 500ක ආයෝජනය කර ඉදිකළ කන්ටේනර් පර්යන්තයේ 85%ක් අයත්වන්නේද චයිනා මර්චන්ට්ස් සමාගමටය.

Leave a Reply