රණවිරු ලේබලය යටතේ පොත් ලියන්නකු බවට පරිවර්තනය වූ තරුපටි යුද නිලධාරියෙක් අපොස සාමාන්‍ය පෙළ ශිෂ්‍යයකු ඉලක්කයට ගත් බව වාර්තා වේ.
කිසියම් පෞද්ගලික ප්‍රශ්නයක් සම්බන්ධයෙන් එම ශිෂ්‍යයා සමග ආරවුලක් ඇති කරගත් ඥාති පුත්‍රයකු වෙනුවෙන් නන්දිකඩාල් රණවික්රමයක් බෞද්ධාලෝක මාවත දිගේ රගදක්වන්නට ඔහු කටයුතු කර ඇත.
හම්බන්තොට වරායේදී කම්කරුවන් ඉලක්කයට ගැනීමට පෙර අහසට වෙඩි තැබීමට අණ දුන් තරු පටි නාවික හමුදාපති විසින් මාධ්‍යවේදියකු ඉලක්කයට ගැනීමෙන් පසුව මේ සෙන්පතියා යුද හමුදාවද එකී කීර්ති නාමයට උසස් කරන්නට ගත් උත්සාහයක්ද යන්න තවමත් පැහැදිලි නැත.