සේයා සදෙව්මිනි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකයට භාජනය වී ඇති දෙදෙනකු සැප්තැම්බර් 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඒ ඔවුන් දෙදෙනා මිනුවකන්ගොඩ මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි. අවුරුදු 17ක් වයසැති පාසල් සිසුවකු සහ අවුරුදු 33ක් වයසැති තවත් පුද්ගලයකු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
කොටදෙනියාව පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද මෙම පුද්ගලයන් දෙදෙනා ඝාතනයට ලක් වූ දැරියගේ නිවස අසල පදංචිකරුවන්ය.