සීමා නිර්ණය කමිටු වාර්තාව 17 එනවලු! – ඇමති කියයි

සීමා නිර්ණය පිළිබද කමිටු වාර්තාව ජනවාරි 17 වැනිදා වන විට පළාත් සභා සහ පළාත් පාලන ඇමති ෆයිසර් මුස්තාෆා වෙත භාරදීමට නියමිත බව තමාට බාර දීමට කමිටු සභාපති අශෝක පීරිස් පොරොන්දු වී ඇති බව ආණ්ඩුවේ ආරංචි මාර්ග පවසයි.

සීමා නීර්ණ වාර්තාව ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරයාට සහ කමිටු සාමාජිකයන්ට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ග ගන්නා බවට පැෆරල් සංවිධානය විසින් මින් පෙර ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කර තිබිණි. පසුගියදා සීමා නිර්ණය කමිටුව විසින් ජනමාධ්‍ය ඉදිරියේ භාරදෙන්නට රැගෙන ආ වාර්තාවේ කමිටු සාමාජිකයන් කිහිපදෙනකුගේ අත්සන් යොදා නොතිබීම නිසා පළාත් සභා සහ පළාත් පාලන ඇමතිවරයා එය භාරගැනීම ප්‍රතික්ෂේප කළේය. කමිටු සභාපතිවරයා එහිදී ප්‍රකාශ කළේ තම කමිටුවේ කටයුතු විධිමත්ව හා කාර්යක්ෂමව කරගෙන යාමට ආණ්ඩුවේ සහයෝගයක් නොමැතිව ගිය බවයි. පළාත්පාලන මැතිවරණයට අවශ්‍ය මෙම වාර්තාව අවසන් කිරීම වැලැක්වීමට විවිධ බාධාකිරීම් සිදුවූ බවද අවසානයේ එකගවූ වාර්තාවට අත්සන් කිරීම පැහැර හැර ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයන් බවද සභාපතිවරයා ප්‍රසිද්ධියේ හෙළිදරව් කළේය.

සියලුම සාමාජිකයින්ගේ අත්සන්වලින් සමන්විත වාර්තාවක් ලැබුණු විගස එය ගැසට් මගින් ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන ඇමැතිවරයා පවසයි.

Leave a Reply