தமிழ்
English
Contact
Wednesday 4th April 2018    
හවුල් ආණ්ඩුවේ මානව හිමිකම් ගැන අමෙරිකානු වාර්තාවක් පිටවෙයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

හවුල් ආණ්ඩුවේ මානව හිමිකම් ගැන අමෙරිකානු වාර්තාවක් පිටවෙයි



මානව හිමිකම් සම්බන්ධයෙන් ආණ්ඩුවේ එළඹුම තුළ මීට වඩා විනිවිදභාවයකින් හා කැපවීමක් පෙන්විය යුතු බව අමෙරිකානු මානව හිමිකම් ආයතනයක් අවධාරණය කරයි.

හියුමන් රයිට්ස් වොච් සංවිධානය 2017 නව වසර සඳහා නිකුත් කළ වාර්තාවේ දැක්වෙන්නේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් රජය ලබාගෙන ඇති පියවර ඉදිරියට යාම ජනාධිපතිවරයා සහ ආණ්ඩුවේ අනෙකුත් ප්‍රමුඛ නිලධාරින්ගේ මැදිහත්වීමෙන් ප්‍රමාද වන බවයි. විශේෂයෙන්ම යුද අපරාධ චෝදනා පිළිබද විමර්ශනයේදී ජාත්‍යන්තර මැදිහත්වීමක අවශ්‍යතාව බැහැරකිරීම මගින් මෙම තත්වය උද්ගත වන බව එම සංවිධානය පවසයි.

හියුමන් රයිට්ස් වොච් සංවිධානය සිය වාර්තාව මගින් තවදුරටත් පෙන්වා දී ඇත්තේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ අඛණ්ඩව පවත්වාගෙන යාම පිළිබඳව ලංකා රජය‍ෙමානව හිමිකම් කවුන්සිලයේ දී සිදුළ ප්‍රකාශ කිහිපයක් සම්බන්ධයෙන් අවධානයකින් සිටින බවයි.

වත්මන් පාලනය බලයට පත් වී මෙන් පසුව ගෙවුණු කාල සීමාව තුළ සිද්ධීන් කිහිපයක් විවිධ ප්‍රදේශවලින් වාර්තා වී ඇත. පැහැරගෙනයාම් සහ පහරදීම්වලට එරෙහි උද්ඝෝෂණ කිහිපයක් පොලිස් අත්අඩංගුවට පත්වූවන්ට පහරදීම් සම්බන්ධයෙන් වත්මන් රජය කඩිනමින් අවධානය යොමුකළ යුතු බවද එම වාර්තාව ප්‍රකාශ කරයි.

එපමණක් නොව, යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කවුන්සිලයේ දී රජය ලබාදුන් පොරොන්දු පිළිබදවද අවධානය යොමු කළ යුතු බවත් නීතිය යහපත්ව පවත්වාගෙන යාමට කඩිනමින් ක්‍රියාමාර්ග ගත යුතු බවත් හියුමන් රයිට්ස් වොච් සංවිධානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි. ලෝකයේ රටවල් 90 ක මානව හිමිකම් සම්බන්ධයෙන් හියුමන් රයිට්ස් වොච් සංවිධානය නව වාර්තාව මගින් කරුණු දක්වා තිබේ.




Related News