නැගෙනහිර විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය ශිෂ්‍යාවන් නේවාසිකාගාර ඉල්ලා විරෝධතාවක
Posted on 01.20.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
නැගෙනහිර විශ්වවිද්‍යාලයීය පරිපාලනය විසින් සිසුන්ගේ නේවාසිකාගාර පහසුකම් කප්පාදුවට එරෙහිව ශිෂ්‍ය ශිෂ්‍යාවන් එහි විරෝධතා වයාපාරයක් ආරම්භ කර ඇත.
නේවාසිකාගාරවල ඉඩකඩ තිබියදීත් නේවාසිකාගාර පහසුකම් අහිමි කිරීමට එරෙහි සිසු විරෝධය තවදුරටත් පැවැත්වේ. සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සිසු නේවාසිකාගාර ලබාදිය යුතු වුවද එම ගැටලුවට විසදුම් ලබා දෙනවා වෙනුවට නැගෙනහිර විශ්වවිද්‍යාල පාලකයන් විසින් දිගින් දිගටම සිසු මර්දනය ක්‍රියාත්මක කරමින් සිටී.
සිසුන්ගේ අයිතිවාසිකම්,ඉල්ලීම් වලට ප්‍රතිචාර වශයෙන්, නැගෙනහිර විශ්වවිද්‍යාලීය පාලනය විසින් දෙවන වසර සහා තෙවන වසර ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නේවාසිකාගාර අහිමිකර ඇත. මේ වන විට නේවාසිකාගාර අහිමිවීමෙන් විශ්ව විද්‍යාල ගොඩනැගිලි අවට නවාතැන් ගෙන සිටින ඔවුන්ට විශ්වවිද්‍යාල භූමිය තුළ රැදී සිටීමට තිබූ අයිතිය ද පංති තහනමක් මගින් පනවා ඇත.

Related News