වී මෝල් හිමියන්ගේ මාෆියාව පිළිබද තොරතුරු හෙළිවීමෙන් පසුව සහල් තොගමිල සම්බන්ධයෙන් මැදිහත්වන බවට ප්‍රධාන පෙළේ සහල් ව්‍යාපාරිකයන් අතර එකඟතාවයක් ඇතිකරගන්නට මැදිහත් වූ බව ජනාධිපතිවරයාගේ සොහොයුරු අරලිය සහල් නිෂ්පාදන ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන ජනමාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.
පෙබරවාරි මස 20 වැනිදා සහල්වල තොග මිල රුපියල් 5 කින් අඩුකිරීමටත් දැනට පවතින සහල් තොග මිල ලබන වසර මුල දක්වාම කිසිම ලෙසකින් වැඩි නොකිරීමටත් වගබලාගන්නා බව ඔහු ඊයේ (11) කොළඹ, ජයික් හිල්ටන් හෝටලයේ පැවැති ජනමාධ්‍ය හමුවේදී පොරොන්දු වී ඇත. එපමණක් නොව, තමන් තීරණය කරන මිල ගණන්වලට වඩා වැඩි මිලකට සහල් තොග විකිණීමට උත්සාහ කරණ වී මෝල් හිමියන් සම්බන්ධව නීතිමය පියවර ගැනීමට පවා මෙම වී මෝල් හිමියන්ගේ ඒකාධිකාරය විසින් ආණ්ඩුවට බලපෑම් කරන බව එහිදී අනාවරණය විය. දේශිය සහල් සඳහා පෙබරවාරි 20 දිනෙන් පසු පාලන මිලක් ඇති කිරීමට පියවර ගන්නා ලෙස රජයට යෝජනා කරන බව ඩඩ්ලි සිරිසේන ජනමාධ්‍ය හමුවේදී පවසා තිබේ. එසේම දැනට තමන් විසින් පවත්වාගෙන යන තොග මිලට වඩා වැඩි මිලකට කිසිම වී මෝල් හිමියකුගෙන් සහල් මිලදී නොගන්නා සහල් වෙළඳුන්ගෙන් ඉල්ලා සිටින බවත්, එසේ වැඩි මිලට සහල් තොග ඇළෙවිකරන වී මෝල් හිමියන් පිළිබඳව තමාට දැනුම් දෙන ලෙසද අරලිය සහල් නිෂ්පාදන ව්‍යාපාරයේ අධිපතිවරයා ජනමාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.