‘බයි, (නෝ) කිලර්ස් ’ දොරට වැඩුම 26 දා …
Posted on 01.13.2017 by Chandana Sirimalwatte in කලා with 0 Comments
තරුණ නිර්මාණකරුවකු වන අරුනෝද් විජේසිංහගේ කුළුඳුල් කාව්‍ය නිර්මාණ එකතුව ජනගත කිරීමේ උළෙල ජනවාරි 26 වැනිදා ප.ව. 2. 30 ට කොළඹ 07, මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
රංගන ශිල්පියෙකු ලෙසත් විකල්ප ධාරාවේ ගීත රචකයෙකු වශයෙන්ද නිර්මාණකරණයේ යෙදෙන අරුනෝද් ‘බයි, (නෝ) කිලර්ස් ’ මගින් ඔහු වෙනස්ම ආරක නිර්මාණ සමුච්චයක් තම පාඨකයා වෙත ඉදිරිපත් කරයි.
මෙම අවස්ථාවේ අදහස් දැක්වීමට ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක නාට්‍යවේදී ධර්මසිරි බණ්ඩාරනායක, කැළණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ කථිකාචාර්ය චින්තක රණසිංහ හා කලා සාහිත්‍ය විචාරක විදර්ශන කන්නංගර සහභාගි වන්නට නියමිතය.
Related News