ලොව පුරා ක‍්‍රියාත්මක වෙමින් තිබෙන නව ලිබරල් ආර්ථික ප‍්‍රතිසංස්කරණ සහ ඊට එරෙහිව වැඩකරන ජනතාවගේ ප‍්‍රතිචාර ඇතුළු අත්දැකීම් සාකච්ඡා කෙරෙන කෘතියක්, කම්කරු අරගල මධ්‍යස්ථානය විසින් සම්පාදනය කර තිබේ. ‘නව ලිබරල් ධනවාදයට එරෙහි වැඩ කරන ජනතා නැගිටීම් – ජාත්‍යන්තර අත්දැකීම් කිහිපයක්’ යන මැයෙන් වූ මෙම කෘතිය හෙට (11) වැනිදා ප.ව. 4.00ට මරදාන, සමාජය හා සාමයික කේන්ද්‍රයේදී එළිදැක්වේ. අනතුරුව පැවැත්වෙන සම්මන්ත‍්‍රණයේ ප්‍රධාන දේශනය කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම්, දුමින්ද නාගමුව විසිනි.
මෙම අවස්ථාවට සහභාගි වන ලෙස කම්කරු අරගල මධ්‍යස්ථානය සියලූ දෙනාට ආරාධනා කර සිටී.