යාපනයේ සිසු ඝාතන යට ගහන්න හදනවාද? – දිසා විනිසුරු පොලිසියෙන් විමසයි

යාපනයේ ශිෂ්‍යයන් දෙනෙකු යතුරු පැදියකින් යමින් සිටියදී මියයාම රිය අනතුරක් ලෙස වාර්තා කිරීම පිළිබදව කරුනු ඉදිරිපත් කරන ලෙස යාපනය දිසා අධිකරණය විසින් පොලිසියට නියෝග කර ඇත.

2016 ඔක්තෝබර් 21 වෙනිදා යාපනයේ චුන්නාකම්හි  පොලිස් මාර්ග බාධකයක් අසලදී වෙඩි වැදීමකින් මියගිය විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනා වෙඩි වෙඩි තබා ඝාතනයකිරීමෙන් පසුව එය වෙඩිවැදීමෙන් සිදු වූ මරණ දෙකක් බවට අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ වාර්තාව මගින් දක්වා තිබියදී පොලිස් වාර්තාවේ රිය අනතුරකින් සිදු වූ මරණ දෙකක් බවට සඳහන්ව තිබිණි.

මෙම සිසුන්ට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් චුන්නාකම් පොලිසියේ සේවය කළ යාපනය පොලීසියේ පොලිස් නිලධාරීන් පස්දෙනකුට චෝදනා ඉදිරිපත් කර තිබේ. එම නඩුව සදහා ඉදිරිපත් කළ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ වාර්තාවත් පොලිස් වාර්තාවත් පරස්පරවීම සම්බන්ධයෙන් රහස් පොලිස් නිලධාරීන් වෙත දිසා විනිසුරු සදිසිවරන් විසින් දැඩි ලෙස දොස් පවරන ලදී. මෙම ශිෂ්‍ය ඝාතනය යටගැසීම හා අනුබල දුන් නිලධාරීන් කවුරුන්ද පිළිබද වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට මෙම නඩුව විභගයට ගත් පළමු දිනයේ දී දුන් නියෝගය තවමත් ඉටු කර නැත. කෙසේවෙතත් පැමිණිල්ල ඉල්ලා අස්කරගන්නැයි පොලිස් අධිකාරීවරයකු විසින් ඝාතනය වූ සිසුන් දෙදෙනාගේ දෙමාපියන් වෙත තර්ජනය කර ඇත. මෙම තත්වය තුළ ඒ සම්බන්ධයෙන් කිසිදු කරුණක් අධිකරණය වෙත ඉදිරිපත් නොවීම සම්බන්ධයෙන් දොස් නැගූ දිසාවිනිසුරුවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව සිටින්නේ මෙම සිද්ධිය යට ගැසීමේ උත්සාහයකදැයි ප්‍රශ්න කර සිටියේය.

ජනවාරි මස 27 වෙනිදා නඩුව නැවත විභාගයට ගන්නා තෙක් සැකකරුවන් පස්දෙනා රිමාන්ඩ් බාරයේ තබන ලෙස දිසා විනිසුරුවරයා නියෝග කළ අතර අදාළ වාර්තා අධිකරණයට ඉදිරිපත් නොකරන්නේ නම් දඬුවම් කරන බවද තදබල ලෙස අවවාද කළේය.

Leave a Reply