හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ සූරියවැව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් නබඩගස්වැව ගමේ පිහිටා ඇති මනම්පේරි සහ කටුවැව වැව් රක්‍ෂිතයන් සංවර්ධන විනාශයේ අර්බුදය විසින් වැනසීම අරඹා ඇත.
දේශපාලන අනුග්‍රහය මත කටුවැව අාශ‍්‍රීතව සිදුවන මෙම අනවසර පස් කැපීම නිසා මේ වනවිටත් එහි අක්කර අටක පමණ ප‍්‍රමාණයක තිබූ කුඔුක් අැතුළු ගස් කපා ඉවත්කර ඇත. මහවැලි අධිකාරිය විසින් 2002 වර්ෂයේ සිට ගම්වැසියන්ගේ සහාය ඇතිව හෙක්ටයාර් 22 ක් පමණ වූ වන රොද තුළ එක් පැළයකට රුපියල් 10ක් පමණ ගෙවා සිටුවා ඇති වන වගාව පැල නඩත්තු කිරිම සදහා ද මුදල් යොදවා මනම්පේරි වැව් රක්‍ෂිතය සංරක්‍ෂණය කිරීම සදහා මැදිහත් වී ඇත. ඉහළ ජෛව විවිධත්වයෙන් යුක්ත වන ආවරණයක් මනම්පේරි වැව් රක්‍ෂිතය හා අවට වනාන්තරය සතුය. කුඹුක්, මී, සියඹලා, කොහොඹ, කොස්, ඉඟිණිය, මගුල්කරඳ, දිවුල් සහ වගුරු සහිත භූමි තුළ කෙකටිය ආදී ජලජ පැළැටි විශේෂ ද දක්නට ඇත. මෙම වන දූව ඇසුරු කොට මුවා, ඉත්තෑවා, කබල්ලෑවා, හාවා, මී මින්නා, මොනරා, වළිකුකුලා ආදී සත්ව විශේෂ ගණනාවක්ද සුලබව දක්නට ඇත. ගම්මානයට නිරන්තර වන අලි පැමිණෙන අතර වගා භූමිය ආරක්‍ෂා කර ගැනීමටත් ජීවිත ආරක්‍ෂාවත් සඳහා පාරිසරික වශයෙන් වැව් රක්‍ෂිතය ආරක්ෂිත පවුරකි. ගම් වදින අලි වැව් රක්ෂිත වැදීම හේතු කොටගෙන පහසුවෙන් අලින්ගෙන් වන වගා හානිය සහ ජීවිත හානිය වළක්වා ගැනීමට වැවි රක්ෂිතය මහත් මෙහෙයක් ඉටුකරයි. සාමාජීය ආර්ථික සහ පාරිසරික වටිනා මිනිසා සහිත සතා සිව්පාවුන්ට ජීවිත ආරක්‍ෂාව සපයන මෙම වන භූමිය මහවැලි අධිකාරිය මගින් 2016 ඔක්.19 වන දින ලිපිය මගින් දක්‍ෂිණ අධිවේගී මාර්ග දිගු ව්‍යාපෘතිය සඳහා සංවර්ධන කටයුත්තකට යැයි පවසමින් නබඩගස් වැව ඒකකයේ අ.ග.පි. 04 / 93 හි කැබිලි අංක බී6836 කොටසින් ශාක නොමැති අක්කර 4ක් ලබාගැනීමට අවසර ලබාදී ඇත. නමුත් මෙම ලිපිය භාවිතා කරමින් විශාල ශාක පද්ධතියක් ඇති නබඩගස්වැව රක්ෂිතය හා අවට කැලෑ ඉඩම් මේ වනවිට වන සංහාරකයන් විසින් එළි පෙහෙළි කරමින් සිටී.

ගොවිතැන තම ප‍්‍රධාන ජීවිකාව කරගත් බහුතරයක් ජනයා සිටින නබඩගස්වැව ගම් වැසියන් ගොඩ ගොවිතැන සේම කුඹුරු ගොවිතැන ස්වකීය ජීවිතය ගැටගසා ගන්නා ජීවන පිළිවෙතයි. මෙම ප‍්‍රදේශයේ පුරාණ වැව කේන්ද්‍ර කොටගෙන මිනිස් ජනාවාස නිර්මාණය වී ඇත. මහ වැව වන නබඩගස්වැව කේන්ද්‍ර කොටගන සංවර්ධනය කරන ලද පරිවාර වැව් කිහිපයක් නබඩගස්වැව ගම තුළ ස්ථාපනය වී ඇත. වියළි කළාපයට අයත්් සූරියවැව නබඩගස්වැව ගම්මානය තුල විශාල කඳු පන්ති දක්නට නොලැබෙන අතර තැනිතලා භූමියක මෙම වනාන්තර ප‍්‍රදේශය පිහිටා ඇතග මෙනිසාවෙන් වැව් රක්‍ෂිතයෙන් හා අවට කැලෑ ඉඩමි වලින් රැුකවරණයක් ගම්මානයට ලැබේ.
ප‍්‍රදේශයේ අවිධිමත් ඉඩම් පරිහරණය හේතු කොටගෙන දැනටමත් විනාශ වී ඇති මෙම වනානතර ප‍්‍රදේශය අලි ඇතුන්ගේ හා අනෙක් සතුන්ගේ දැනට ඉතිරි වී ඇති වාස භූමියයි.
මෙම ප‍්‍රදේශයේ ඉතිරි වී ඇති හෙක්ටයාර් 22 ක් පමණ වන මනම්පේරි වැව් රක්‍ෂිත හා වන වගා භූමිය විනාශ කිරීමට කි මහවැලි අධිකාරියේ මහතුන්ගේ ආශිර්වාදය සහිතව පිඹුරුපත් මෙි වනවිට සකසා ඇත. විටින් විට ගම්මුන් නොමඟ යවමින් වැව් රක්‍ෂිත භූමිය හා අවට වනාන්තර ඉඩමි අත්පත් කරගැනීමට දේශපාලකයන් උත්සාහ ගත් නමුත් ගම්වැසියන්ගේ සහ ගොවි සංවිධානයේ මැදිහත් වීම මත එ්
වා හකුළුා ගන්නට සිදුවිය.
එහෙත් උත්සාහය අත් නොහල දිස්ත‍්‍රික්කය නියෝජනය කරන දේශපාලන බලවතුන් සහ නිලධාරීන් මාතර සිට හම්බන්තොට දක්වා ඉදිවෙන අධිවේගී මාර්ගය හේතු කොටගෙන සිය පාරම්පරික ගොවි බිම් සහ ඉඩම් අහිමිවන ජනතාවට ඉඩම් ලබාදීමට යයි පවසමින් මාර්ග සංවර්ධන අධිකාරියේ මැදිහත්වීම මත වන භූමිය අත්පත් කරගැනීමට හොර රහසේ වනය හෙළි පෙහෙළි කිරිම මෙිවනවිට සිදුකරමින් ඇත.
මෙම විනාශයට විරුද්ධ වූ ගමි වැසියන් දෙදෙනෙකුට මේ වන විට සූරියවැව පොලිසිය විසින් නඩු පවරා ඇත. නමුත් ඔවුන් කළ වරඳ නම් පරිසරය විනාශ කරන්නට විරුද්ධව නැගී සිටීමයි. හිතුමතේ කැළෑ පාළු කරන්නන්ට විරුද්ධව හඬ නැගීමයි. මෙය පුදුම සහගත නීතියකි. ගම්වැසියන්ට කුමන සරණක් ද ? ගොවි පවුල් 280කට වැඩි ප‍්‍රමානයකට ජලය ලබාගැනීමට ඇති මනම්පේරි වැව සහ කටුවැව ආශ‍්‍රිත ඇල වේලි වාරි පද්ධතිය විනාශ වන අයුරින් වනාන්තර හෙළිපෙහෙළි කිරීම සහ පස් කැනීමට ඉඩ ලබාදී ඇත්තේ කුමන පදනමකින් ද ? ගම්මානයේ පවුල් 600ක් පමණ වැව් සහ ඇලවේලි හේතු කොටගෙන ඍජු සහ වක‍්‍ර ආකාරයෙන් ප‍්‍රතිලාභ ලබයි. එවන් වටිනා පාරිසරික පද්ධතියක් අනතුරේ හෙළා මෙවන් පරිසර විනාශයක් සිදුකෙරෙන තෙක් වඟකිව යුත්තෝ මුණිවත රකිති.
1988 අංක 56 දරණ සංශෝධිත ජාතික පාරිසරික පනත අනුව මෙවන් ව්‍යාපෘතියක් ක‍්‍රීයාත්මක කරනවා නම් පාරිසරික ඇගයුමි වාර්තාවක් සිදුකළ යුතුය. නමුත් මෙම ව්‍යාපෘතිය සදහා එවැනි පාරිසරික තක්සේරු වාර්තාවක් හො මූලීක ඇගයුම් වාර්තාවක් සිදුකර නොමැත. එමෙන්ම අනදරය පිළිබද ආඥාපනත අනුව ජනතාව භාවිතයට ගන්නා ජල මූලාශ්‍රයක් විනාශ කිරීම වරදකි.
රටක ස්වභාවික සම්පත් සංරක්‍ෂණය කරගනිමින් නිෂ්පාදන ආර්ථිකයක් මත සංවර්ධනයේ මානයන් සොයා යා යුතුය. ස්වභාවික සම්පත් විකුණා දමා හිතුවක්කාරී ලෙස අධිභාවිතයෙන් සහ අවභාවිතයෙන් එසේත් නොමැති නම් සම්පත් සූරා කෑමෙන් රටක් දියුණූවන්නේ නැත. එය සංවර්ධනය ලෙස අර්ථ විග‍්‍රහ කිරිම සාවද්‍ය ප‍්‍රකාශයකි. පරිසර විද්‍යාත්මක ව තෙත් බිමක් වර්ෂා කාලයේදී ජලය උරාගැනීමේ හැකියාවත්, වියළි කාලය තුළ රඳවාගත් ජලය පරිසරයට මුදා හැරීමේ හැකියාව සහිත භූමියකි. මේ අනුව තෙත් බිමක් යනු පාරිසරිකව ඉතා වටිනා සහ සන්වේදී කළාපයකි. නබඩගස්වැව ජනාතාව අද අත් දකිමින් සිටිනුයේ සංවර්ධන විනාශයේ අත්දැකීම මිස අන් කවරක් ද? සංවර්ධනය ලොකු කොටස හම්බන්තොටට ලැබුනේ යැයි මහජන තොමෝ සතුටු වුණි. එහෙත් එය ඉතා කෙටි කාලයකි. වරාය ගුවන් තොටුපල අධිවේගී මාර්ග මොවුන්ගේ ජීවිත ජීවන තත්ත්වයන් නගා සිටුවනු ඇතැයි සිතූහ. තව ද සිතා සිටිනු ඇත. එහෙත් යථාර්ථය ඊට වඩා භයානක බව වර්තමාන තුළ පසක් වෙමින් ඇත.
නබඩගස්වැව ගම්මානයෙන් ජාතික තලයේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් බිහිකොට ඇත. එහෙත් ඔවුන්ට චීන වුවමනාවන් වෙනුවෙන් මහජන ක‍්‍රීඩා පිටිය පූජා කිරීමට සිදුව ඇත. එය දැන් චීනුන් සඳහා වෙන්ව ඇත. තව ද ඔවුන් සතු තෘණ භූමි පාලකයන් විසින් උදුරාගෙන බහුජාතික සමාගම් සඳහා පරිත්‍යාග කොට ඇත.

මේ උදුරා ගනිමින් ඇත්තේ භූමියේ සැබෑ උරුම කරුවන්ගේ අයිතිය නොවේ ද? ඔවුන් නිදහසෙ භුක්ති විඳී පාරිසරික අයිතීන් නොවේද බිමේ හැකියාවන් සහ මේ මිනිසුන්ගේ අයිතීන් යටකොට ගොඩ නගන සංවර්ධනය කා සඳහා ද? ප‍්‍රශ්න කළ යුතු නොවන්නේ ද? ප‍්‍රශ්න කිරීමෙන් ඔබ්බට ජීවත් වීමේ නිදහස නොලැබෙනු ඇත. ඔබ අදහන පාලකයෝ ඔබේ සැබෑ ප‍්‍රශ්න වලට පිළිතුරු සොයන්නට ගෙපැලට නොවඩිනුු ඇත. හෙට දවසේ ජීවත්වීමේ අයිතිය උදෙසා මිනිස් පහුරක් ලෙසින් නැගී සිටිය යුතුය. හඬ නැගිය යුතුය. ඔබගේ ගැලවුම් කරුවා ඔබ මින් මිස අන් කවුරුන් හෝ නොවනු ඇත.
පූජ්‍ය වෑකඳවල රාහුල හිමි