ලංගමය මහින්දට එරෙහිව නඩු දමයි

sltb

පසුගිය ජනාධිපතිවරණයේදී සිය මැතිවරණ කටයුතු සදහා ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ ලබාගෙන මේවන තෙක් හිග මුදල් නොගෙවීම සම්බන්ධයෙන් කොළඹ වානිජ මහාධිකරණයේ නඩු පැවරීමට කටයුතු කර තිබේ.

මේ අනුව ලබන 11වන දින මෙම නඩුව කැදවීමට නියමිත බව වාර්තාවේ. එම නඩුවේ වගඋත්තර කරැවන් ලෙස එ.ජ.නි.ස මැතිවරණ ප්‍රචාරක කමිටුවේ සාමාජිකයින් වන අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්ත,ගාමිණි සෙනරත් යාපා, හා තවත් තිදෙනෙකුද එදින අධිකරණය ඉදිරියේ පෙනීසිටින ලෙස දන්වා ඇතැයි වාර්තාවේ.

මෙසේ ලංකා ගමනා ගමන මණ්ඩලයට අයවිය යුතු මුදල ලෙස රුපියල් මිලියන 14ක මුදලක් අය කර ගැනීමට මෙසේ නඩු දමා ඇත.පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රචාරක රැලි සදහා පුවාහන පහසුකම් ලබා ගැනීමෙන් පසුව ගෙවියි යුතු මුදල් මේ දක්වා ගෙවා නොමැත. ලංගමය වෙනුවෙන් සෝමරත්න නීතිඥ සමාගම මෙම නඩුව ගොනුකර ඇත.

Leave a Reply