බන්ධනාගාර ගතකෙරෙන හැමදෙනාම බන්ධනාගාර රෝහලට යන්නෙ නෑ!

prison-hospital

බන්ධනාගාර ගතකෙරෙන සැම දෙනාම බන්ධනාගාර රෝහලට යන්නේ නැති නමුත් විවිධ අපරාධ, වංචා දූෂන, රාජ්‍ය දේපළ අපහරණයන් හෝ අපචාරයන්ට චෝදනා ලැබුවන් බන්ධනාගාරයට ඇතුලු කෙරෙන්නේම බන්ධනාගාර රෝහලට බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ පවසයි.

කුමාර් ගුණරත්නම් හෝ වෙනත් වාමාංශික නායකයන් විවිධ හේතු මත  සිරගත කළ පසුබිමක ඔවුන් බන්ධනාගාර රේහලට ගියේ නැති බව ද ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.

“දේශපාලනය කරන හැම දෙනාම බන්ධනාගාරයට ගියාම බන්ධනාගාර රෝහලට යන්නෙ නෑ. අපි දන්නවා, වමේ දේශපාලනය කළ අය බන්ධනාගාරයට ගියාම විවිධ රෝගපීඩාවලට බහෙත් නම් ගන්නව. නමුත් බන්ධනාගාර රෝහලට යන්න අවශ්‍ය වෙලා නෑ. “

විවිධ චෝදනා යටතේ බන්ධනාගාර ගත වන ආණ්ඩුවේ සහ විපක්ෂයේ මැති ඇමැතිවරු විවිධ හේතු දක්වමින් බන්ධනාගාර රෝහලේ කල්ගෙවීම සම්බන්ධව ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසීය.

මේ අතරප්‍රභූවරුන් සමග සබඳතා පවත්වන බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයකු පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අැමති රාජිත සෙනාරත්න පවසා ඇත. බන්ධනාගාර ගතවන ප්‍රභූවරුන් බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීම පිළිබඳව සැකයක් මතුවන බවත්, ඒ පිළිබඳව තමන් වාර්තාවක් ලැබී ඇති බවත් ඔහු ඊයේ (03දා) ගම්පහ ප්‍රදේශයේ පැවැති උත්සවයකදී ප්‍රකාශ කළේය.‍

මේ පිළිබඳ තමාට වාර්තාවක් ලැබුණු බවත්, පරීක්ෂණයෙන් පසු පියවරක් ගන්නා බවත් සෞඛ්‍ය ඇමැතිවරයා  කියයි.

‘බන්ධනාගාර රෝහල අයිති බන්ධනාගාර දෙපාර්තමේන්තුවටයි. ඊට වෛද්‍යවරුන් ලබා දෙන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයෙන්. එහි සිටි වෛද්‍යවරයෙක් බන්ධනාගාර ගත වන ප්‍රභූන් සමග සබඳතා පවත්වන නිසා ඔවුන් බන්ධනාගාර රෝහලට ඇතුළත් කරගන්නවා. මේ ගැන මට වාර්තාවක් ලැබී තිබෙනවා. පරීක්ෂණයකින් පසු දැඩි ක්‍රියාමාර්ග ගන්නවා.‘

Leave a Reply