එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම්වරයෙකු වූ කොපී අන්නන් මියන්මාරයේ සාම වෑයමක නිරතව ඇතැයි වාර්තාවේ.
මියන්මාරයේ රක්හිනේ ප්‍රාන්තයේ වෙසෙන රෝහින්යා මුස්ලිම් ජනතාවට එරෙහිව සිදු කෙරෙන ප්‍රචන්ඩ ක්‍රියා නවතා දැමීමට ඔහුගේ සාම ක්‍රියාවලියේ අරමුණවේ.
පසුගිය දිනවල සිදුවූ රක්හිනේ සමූහ ඝාතනයන් හා ඊට පෙරද දිගින් දිගටම සිදුකරනු ලබන පුද්ගල ඝාතනය කිරීම් හා පහරදීම්ල හා දේපළ විනාශ කිරීම් ඇතුළු ප්‍රචණ්ඩ ක්‍රියා වහාම නවතා දැමීමේ අරමුණෙන් කොපී අන්නන් එරට සාම වෑයමක නිරතව ඇත.
පසුගිය වසර කිහිපය තිස්සේ දිගින් දිගටම මෙම තත්වය මියන්මාරය තුල සිදුවිය.
අසල්වැසි මුස්ලිම් බහුතරයක් වෙසෙන මලයාසියාව හා ඉන්දුනීසියාව මෙම ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් මියන්මාරයට සම්බාධක පැනවිය යුතුබවට ජාත්‍යන්තර වශයෙන් විශාල බලපෑමක් කරමින් සිටී.
මියන්මාරය යනු බෞද්ධ ජනයා බහුරයක් වෙසෙන රටකිග නමුත් රක්හිනේ ප්‍රාන්තයේ වෙසෙන මුස්ලිම් ජනයාට විශේෂයෙන්ද මියන්මාරයේ වෙනත් පළාත්වල වෙනසෙන මුස්ලිම්වරැන්ට දැඩී පීඩාකාරී තත්වයක් වසර ගණනාවකසිට එහි පවතී.
වසර 2012දී රක්හින්හි ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් එහි වෙසෙන මුස්ලීම් වැසියන් ලක්ෂයක් පමණ අසල්වැසි රටවල්වට සරණාගතයන් ලෙස පලායෑමට සිදුවුනි.