සර්බියානු යුද නායක රට්කෝ මෙලඩික්ට ජීවිතාන්තය දක්වා සිර දඩුවම්

ratko-mladic-web

හේග් නුවර ජාත්‍යන්තර යුධ අපරාධ අධිකරණය විසින් ඊයේ රට්කෝ මෙලඩික්ට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම කර ඇත.

රට්කෝ මෙලඩික් එවකට සර්බියාවේ හිටපු යුද හමුදා ප‍්‍රධානියාය. ඔහු විසින් සර්බියානු හමුදාවන්ට නායතක්වය දෙමින් බොස්නියාවේ මුස්ලිම්වරුන් ඝාතනය කිරීමට වගකිවයුතු බවට ජාත්‍යනුතර අධිකරණ විසින් චෝදනා කරතිබුනි.

රට්කෝ මෙලඩික්  යුගෝස්ලාවියාව බෙදී වෙන්වන විට සර්බියානු හමුදාවට නායකත්වය දෙමින් සිටි අතර සර්බියාවෙන් පසුව බොස්නියාවද සර්බියාවෙන් වෙන්විය එම අවස්ථාවේදී සර්බියානු හමුදාවට අණ දෙමින් බොස්නියා මුස්ලිම් වරුන්ට හරෙහිව මානුෂත්වයට එරෙහි යුද අපරාධ කළ බවට ජාත්‍යන්තර අධිකරණයේ නඩු පවරනු  තිබුනි.

නමුත් රට්කෝව අත්අඩංගුවට ගැනීමට වසර 14ක් ගත විය. ඉන්සුව ඔහුට එරෙහිව හේග් අධිකරණයේ නඩු විභාගය ආරම්භ කළ අතර ඊයේ එහි අවසන් තීන්දුව ප‍්‍රකාශ්‍යට පත් කළේය. රට්කෝට ජීවිතාන්තය දක්වා එහිදී දඩුවම් නියම කර ඇත. මේ වන විට රට්කෝගේ 74 වැනි වියේ පසුවෙයි.

Leave a Reply