එයාර් ෆෝස් වන් ගුවන් යානා අැණවුම අවලංගු කළයුතුයි- ඩොනල්ඩ් ට්‍රම්ප්

air-force1web

එයාර් ෆෝස් වන් යනු එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා ගමන් ගන්නා ගුවන් යානයේ නිල නාමයයි.

ඉදිරි වසර ගණනාවක් සදහා බොයින් සමාගම විසින් එරට ජනාධිපතිවරුන් සදහා ගුවන් යානා කිහිපයක් නිෂ්පාදනය කිරීමට ඇණවුම් කර තිබුනි. නමුත් එම යානා නිෂ්පාදයේ වියදම් වැඩි බව අළුතෙන් පත්ව සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඔහු එහිදී පවසා ඇත්තේ එක් ගුවන් යානයක් සදහා අමෙරිකානු ඩොලර් බිලියන 1.65ක වියදමක් යන බවට මුලින් තක්සේරු කර තිබුනත් දැන් එය ඊට වඩා විශාල ලෙස ඉහළ ගොස් අති බව එයාර් බස් සමාගම පවසා ඇති බවත් නව මිල ඩොලර් බිලියන 4කට වඩා වැඩිවිය හැකි බවය.

මේ හේතුවෙන් අළුතින් නිපදවීමට නියමිත ගුවන්යානා දෙකේ නිෂ්පාදන කටයතු නතර කිරීම කළයතු බවට ට්‍රම්ප් ටිවිටර් පණිවුඩයකින් දන්වා ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.

Leave a Reply