ඊයේ පකිස්තාන් ගුවන් සේවයට අයත් මගී ගුවන් යානාවක් කඩා වැටී එහි ගමන්ගත් මගීන් 47 දෙනා ඇතුළු කාර්යය මණ්ඩලයේ සියලු දෙනාම මියයන්නට ඇතැයි වාර්තාවේ.
මගීන් රැගත් යානය එරට කදුකර ප‍්‍රදේශයේ දී අනතුරුට පත්ව ඇති අතර එම ස්ථානය වෙත ලගාවීමට දුෂ්කර ප‍්‍රදේශයක් වන බව වාර්තාවේ. මේ වන විට මුදා ගැනීමේ මෙහෙයුම් අරඹා ඇතිමුත් ඔවුන්ට මියගිය අයගේ සිරුරු 21 මේ වන විට හමුව ඇති බවවාර්තාවේ.
මෙම යානය ඊයේ චිත‍්‍රාල් නගරයේ සිට ඉස්ලාමාබාද් බලා ගමන්කරමින් සිටින අතර තුර මෙම අනතුරට පත්ව ඇතැයි වාර්තාවේ. මුදා ගැනීමේ මෙහෙයුම්වල නිරත වූවන් පවසන්නේ මෙම අනතුරින් කිසිදු අයෙකු දිවි ගලවාගත් බවක් දක්නට නොමැති බවයි.