එක්සත් ජාතික පක්ෂ පාලනය තුළ යාපනය පුස්තකාලය ගිනිතැබීම ගැන සමාව ඉල්ලා සිටින බවට අගමැති රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
1981 සංවර්ධන සභා මැතිවරණය කොල්ලයක් බවට පත්ව තිබියදී යාපනය පුස්තකාලය ගිනිතැබුවේ දුම්රියෙන් උතුරට ගෙන ගිය එක්සත් ජාතික පක්ෂයේ මැරයන් විසින් බව ප්‍රසිද්ධ කරුණක් විය. ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ලවුවද කිසිදු අවස්ථාවක ඒ ගැන වගකීම භාරගන්නට එ.ජා.ප. සූදානම් වූයේ නැත.
එක්සත් ජාතික පක්ෂ පාලනය යටතේ තමන්ද කැබිනට් ඇමැතිවරයකුව සිටියදී යාපනය පුස්තකාලය ගිනිතැබීම වරදක් බව පිලිගෙන ඊට සමාව ඉල්ලා සිටියද එසේ දැවැන්ත රාජ්‍ය දේපළක් වනසා, බුද්ධිමය නිධානයක් ජනතාවට අහිමි කිරීමේ අපරාධය සම්බන්ධව යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ කරන්නේද යන්න ගැන අගමැතිවරයා කිසිවක් කීවේ නැත. එක්සත් ජාතික පක්ෂයේ කවුරුන් ඊට වගකිව යුතුද යන්න හෝ ඒ අපරාධයේ වන්දිය ගෙවන්නේ කෙසේද යන්න ගැන කතා නොකිරීමට එක්සත් ජාතික පක්ෂ නායකයා ප්‍රෙව්ශම් විය.