ඇන්ජෙලා මාකේල් ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී සංගමයේ සභාපතිධුරයට නැවත පත්ව ඇතැයි වාර්තාවේ.
ජර්මන් ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී සංගමයේ සමුළුව පසුගියදා ඇසන්ස් නගරයේදී පත්වා ඇතැයි වාර්තාවේ. පක්ෂ නියෝජිතයින් දාහකගේ සහභාගීත්වයෙන් මෙම සමුළුව ඊයේ පවත්වා තිබුනි.
මාකේල් 2000 වසරේ එම පක්ෂයේ නායකත්වට ප්‍රථමවරට තේරී පත්වියග ඉන් අනතුරැව ඇය ජර්මන් චාන්සලර් පදවියට තේරී පත්වූ අතර ඇය මෙවර එම තනතුරට පත්ව ඇත්තේ තෙවන වතාවටය. මීට වසර දෙදකට පෙර ඇය පක්ෂයේ සභාපතිධුරයට පත්වන විට ඇයට එම පක්ෂයේ ඉහළ ජනප්‍රියභාවයක් හිමිව තිබුනි.
නමුත් මෙවර ඇයට පාක්ෂිකයින්ගෙන් 89.5%ක මනාපය හිමිවිය. මීට වසර දෙකකට පෙර පැවැති නායකත්වය සදහා වන ඡන්දයේදී ඇයට පාක්ෂික මනාපය 96.7%ක පමණ ඉහළ පිළිගැනීමක් තිබුනි. නමුත් මෙවර ඇය පක්ෂනායකත්ව ජය ගත්තද පාක්ෂිකයින්ගෙන් යම් කිසි ප්‍රමාණයක් ඇය කෙරෙහි විශ්වාසය කඩව ඇති බව පෙනේ.
විශේෂයෙන් ඇයගේ සරණාගතයින් සදහා වන යම් ලිහිල් ප්‍රතිපත්තියට පාක්ෂිකයින්ගේ අකමැත්ත ප්‍රකාශවීමක් මෙම සමුළුවේදී පෙනෙන්නට තිබෙන බව දේශපාලන විචාරකයේ පෙන්වා දෙති.
මෙවර ඇය පක්ෂ නායකත්වයට පත්වීම හා ඇයගේ හතරවන ධුරකාලය සදහා ඇය එළැඹෙන මැතිවරණයේදී එරට චාන්සලර් පදවියට තරග කරනු ඇත.