ඔබාමාගෙන් සමාවක් බලාපොරොත්තුවන්නේ නැහැ – එඩ්වඩ් ස්නෝඩන්

snowden-web

තමා ජනාධිපති බැරක් ඔබාමාගෙන් සමාවක් බලාපොරොත්තු නොවන බව මාධ්‍ය වෙත පවසා තිබේ.

එලැඹෙන ජනවාරි මස සිය සේවයෙන් ඉවත්ව යන ඔබාමාගෙන් සමාවක් බලාපොරොත්තු වනවාදැයි යාහු නිවුස් ඒජන්සියේ වාර්තාකරුවකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ඔහු එසේ පවසා ඇති බව විදේස් මාධය පවසයි.

ලබන ජනවාරි මස ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිධුරයේ කටයුතු කිරීමට ආරම්භ කිරීමට නියමිතය. ඩොනල්ඩ් ට්‍රම්ප් එඩ්වඩ් ස්නෝඩන් ගැන සිය ජනාධිපතිවරණයේදී හදුන්වා සිටියේ ඔහු සම්පූර්ණ ද්‍රෝහියකු ලෙස තමා සලකන බවයි. එපමණක් නොව ස්නොඩන් එක්සත් ජනපද ජුරියක් හමුවේ පෙනී සිටිය යුතුබවද ට්‍රම්ප් දැඩිව අවධාරණය කර තිබුනි.
එක්සත් ජනපද ආරක්ෂක ඒජන්සියේ විශේෂඥ පරිගණක මෙහෙයුම් කරුවකු ලෙස ස්නොඩන් කටයුතු කරමින් සිටියේය.

ඔහු මහත් ආන්දෝලනයක් ඇති කරමින් එක්සත් ජනපදයේ ආරක්ෂක ඒජන්සිය රහසිගතව සිය රටේ පුරවැසියන් ගැන ඔත්තු බලන බවට 2013 වසරේදී මාධ්‍ය වෙත හෙළි කළේය. මේහේතුවෙන් විදේශ ගතව දේශපාලන රැකවරණ පැතීමට ස්නෝඩන්ට සිදුවිය. ඔහු දැනට රුසියාවේ දේශපාලන රැකවරණ ලබමින් සීටී.

Leave a Reply