தமிழ்
English
Contact
Wednesday 4th April 2018    
සුනිල් දයානන්ද කෝනාර කලාකරුවා සමුගනී! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සුනිල් දයානන්ද කෝනාර කලාකරුවා සමුගනී!



ප්‍රවීන සංගීතඥයකු වූ එසේම අපූර්ව ගීත රචකයකු, තනු නිර්මාණ කරුවකු ලෙසද කීර්තියක් දිනූ සුනිල් දයානන්ද කෝනාර කලාකරුවා අභාවයට පත් විය.

විවිධ ගායක ගායිකාවන්ගේ ගීතවලට විවිධත්වයකින් යුතු තනු නිර්මාණය කළ සංගීත ශිල්පියකු ලෙස ඔහු මහත් ජනාදරයට පත් විය. කරණාරත්න දිවුල්ගනේ ගයන ‘නිල් දියවර‘ සුනිල් එදිරිසිංහ ගයන ‘මහ වැස්සක් බිමට හෙළා‘ නන්දා මාලිනි ගයන ‘වහින්නට හැකි නම්‘ වැනි ගීතවල තනු නිර්මාණ ශිල්පියා සුනිල් දයානන්ද කෝනාරය.

ගිරිඋල්ල වික්‍රමශිලා විදුහලේ සංගීත ගුරුවරයා වු කෝනාර දෙවරක්ම රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලබා ඇත.

දඹදෙණිය මුතුගල නිවසේ තැන්පත් කර ඇති ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු දෙසැම්බර් 10 වැනි සෙනසුරාදා සවස 4.00ට දඹදෙණිය මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.




Related News