මධ්‍යම පරිසර අධිකාරියට සහ ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට විරුද්ධව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබ තිබේ.
ජනරළ වෙත අදහස් දක්වමින් රවීන්ද්‍ර කාරියවසම් පැවසුවේ, ජල සම්පාදන මණ්ඩලයේ පානීය ජලය පරිභෝජනය කරන ජනතාවට තෙල් මිශ්‍ර ජලය ලබාදීම සහ කොකාකෝලා සමාගම කැලණි ගඟට තෙල් මිශ්‍ර කර තිබියදීත් පරිසර අධිකාරිය ඒ සම්බන්ධයෙන් ප්‍රමාණවත් මැදිහත්වීමක් නොකිරීම හේතුවෙන් මෙම පැමිණිල්ල ඉදිරිපත් කළ බව ජනරළ වාර්තා කරයි.
ජනක තුෂාර