අද පස්වරුවේ දේශපාලන රැදවියන් 31 ඇපමත නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී සිදුවිය.
අද දින අධිකරණය වෙත ගෙන එන ලද දේශපාලන රැදවියන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ත්‍රස්ත මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් අධිකරණයට කරුනු දැක්වීමෙන් පසුව නැවත ඔවුන් රදවා සිටි බන්ධනාගාරය වෙතම ගෙන යන තත්වයක් අද උදේ උදාවී තිබුනි.
මෙම තත්වය උද්ගතවූයේ ත්‍රස්ත මර්දන ඒකකය විසින් අධිකරණය හමුවේ පවසා සිටියේ තමන්ට මෙම ඇපමත නිදහස් කිරීමට අදාලව කිසිදු දැනුවත් කිරීමක් අදාල අංශ මේ වන තෙක් සිදු කර නොමැති බවයි. ඒ හේතුවෙන් තමන්ට ඔවුන්ව ඇප මත නිදහස් කිරීමට එකගවිය නොහැකි බව අධිකරණය හමුවේ පවසා තිබුනි.
නමුත් පසුව නීතිපති දෙපාර්තමේන්තුව හා ත්‍රස්ත මර්ධන ඒකකය මෙම ගැටළු කාරීතත්වය අද සවස වන විට විසදාගෙන තිබීම හේතුවෙන් මීට ටික වේලාවකට කලින් මෙම දේශපාලන රැදවියන් 31 දෙනා ඇපමත නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රත්වරයා නියෝග කර ඇත.