තුර්කියේ ඉස්තාන්බුල් අතාර්තුක් ගුවන්තොටුපලට අද උදෑසන ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවී ඇත. මේ වනවිට 41 කෙනෙකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තාවේ.
මියගිය අතරින් 13 දෙනෙකු විදේශිකයින් බව මේවන වි තහවුරැ කරගෙන ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.
මෙම ගුවන් තොටුපල යුරෝපය තුල කාර්ය බහුල අතින් තෙවන ගුවන්තොටුපල ලෙස සැලකේ. මෙම ගුවන්තොටට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමේ දැඩි තර්ජන පැවැති බව එරට ආරක්ෂ අංශ පවසා ඇත.
පසුගියදා ඇමෙරිකාව විසින් තම රටේ වැසියන්ට තුර්කිය වෙත නොයන ලෙස අවවාදකර තිබුනි. කෙසේ වෙතත් මෙම ප්‍රහාරය පිළිබදව තුර්කි රජය දොස් පවරන්නේ අයි. එස්. අන්තවාදී හෝ කුර්දි සටන්කාමීන් මෙම ප්‍රහාරය එල්ල කරන්ට ඇති බවයි.
ගුවන්තොටුපලේ ඇතුළුවන ස්ථානයට පැමිණි තුවක්කුකරුන් තිදෙනෙකෙු එක දිගට එහි සිටි පුද්ගයන්ට වෙඩි ප්‍රහාර එල්ල කොට ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම අවස්ථාවේ එහි ආරක්ෂාවට සිටි පොලිස් නිළධාරීන් විසින් එම ත්රස්තවාදීන් වෙත ප්‍රහාර එල් කිරීමත් සමග ඔවුන් ගුවන් තොටේ ඉහළ මහලයන්ට ඇතුළවී බොම්බ ප්රහාරයන් කිහිපයක්ද එල්ලකර ඇතැයි වාර්තාවේ.
මෙම ප්රහාරයන් හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 41 දෙනෙකු මියගොස් තවත් 230ක් පමණ තුවාල ලබා රෝහල් ගත කර ඇත.
මෙම ප්‍රහාරය ගැන එරට අගමැතිවරයා ප්‍රකාශකර ඇත්තේ මෙය ඉස්මීය අයි.එස්. ත්රස්තවාදීන් සම්බන්ධ බවට චෝදනා කර ඇත.




