කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් බී.විජේරත්න තම ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම් පී.බී.අබේකෝන් මහතා වෙත භාරදුන් බව වාර්තා විය.
ජනාධිපති ලේකම්වරයා විසින් තම ඉල්ලා අස්වීමේ ලිපිය භාරගත් බව ද කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරයා ජනමාධ්‍ය විමසීම්වලදී කියා සිටියේය. මෙම ඉල්ලා අස්වීමට හේතු හෙළි කර නැතත් ඇමතිවරයා සමග ඇති ගැටුමක් මෙම ඉල්ලා අස්වීමට හේතු වන්නට ඇතැයි ආමාත්‍යංහ නිලධාරින් අතර රාවයක් පැතිර යමින් තිබේ. කෙසේවෙතත් මෙම ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වන කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ධූරයට නව පත් කිරීමක් පිළිබඳ දැනුම්දෙන තෙක් තනතුරේ කටයුතු කරන බව හිටපු ලේකම්වරයා ජනමාධ්‍ය වෙත සඳහන් කළේය.