ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්කිරීම – හමුදාපති, බුද්ධි අංශ ප්‍රධානී වගඋත්තරකරුවන්ද?

2016.06. 29 prageeth ekneligoda

යුධ හමුදාපතිවරයා සහ යුධ හමුදා බුද්ධි අංශ ප්‍රධානියා ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්කිරිමට වගකිවයුතුදැයි ප්‍රශ්නයක් අභියාචනාධිකරණය වෙත යොමු වී ඇත.

අතුරුදන් කළ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ විසින් ගොනුකර ඇති පෙත්සමේ නඩුවිභාගය ඊයේ (28) අභියාචනාධිකරණයේදී විභාග කෙරිණි. 2010 ජනවාරි 24වැනිදා රාජගිරියේදී පැහැරගෙන ගිය බවටත් පසුව ගිරිතලේ හමුදා කදවුරකදී ඔහු මරා දමන ලද බවටත් චෝදනා එල්ල වී ඇත. මේ සම්බන්ධව යුද හමුදා බුද්ධි අංහ නිලධාරින් පිරිසක් අත්අඩංගුවට ගෙන ප්‍රහ්න කරමින් තිබේ. එම පසුබිම තුළ ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්කිරීම සම්බන්ධ වගඋත්තරකරුවන් ලෙස යුධ හමුදාපතිවරයා සහ යුධ හමුදා බුද්ධි අංශ ප්‍රධානියා නම් කරන ලෙසට පැමිණිලිකාරිය විසින් කර ඇති ඉල්ලීම ගැන අභියාචනාධිකරණයේදී කරුනු දක්වමින් එම පාර්ශ්වකරුවන්ගේ නීතිඥවරු විරෝධය පළ කළහ.

කරුණු සළකා බැලූ අභියාචනාධිකරණය සඳහන් කර ඇත්තේ මේ සම්බන්ධයෙන් විභාගයක් පැවැත්වීම අවශ්‍ය බවයි.  ඔක්තෝබර් මස 12 වන දින එම නඩු විභාගය පවත්වන බවද  අභියාචනාධිකරණය විසින් දැනුම් දෙන ලදී.