සිව්වන එක්දින තරඟය – එංගලන්තය කඩුළු හයකින් ජය ගනී

jonson-royweb

එංගලන්තය හා ශී‍්‍රලංකාව අතර පැවැති සිව්වන එක්දින තරගය කඩුළු හයකින් ජය ගැනීමට  එංගලන්ත කණ්ඩායම ඊයේ සමත්විය.

ශී‍්‍ර ලංකා පිල වෙනුවෙන් අර්ධ ශතක ලැබූ පිතිකරුවන් ඇංජෙලෝ මැතිව්ස් 67, දිනේෂ් චන්දිමාල් 63, ධනුෂ්ක ගුණතිලක 62, කුසල් මෙන්ඩිස් 77 විසින් ශී‍්‍ර ලංකා කණ්ඩායමට ලකුණු 305ක් වෙත ළගාවීමට හැකියාව ලැබුනි. තරගය අතර තුරදී ඇදහැළුණු වර්ෂාව හේතුවෙන් පන්දුවාර 42කට ඉනිම සීමා කිරීමට තරග විනිසුරැවන් තීරණය කරන ලදී.

 සිය පිළිතුරු ඉනිම වෙනුවෙන් එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් අනගි ඉනිමක් කී‍්‍රඩා කළ ජෙසන් රෝයි විසින් ලකුණු 162 ලබාගනිමින් සිය කණ්ඩායමට ජයගා‍්‍රහී මාවතට ගැනීමට මුල්විය. ඔහුට අනගි සහායක් දුන්  ජෝ රූට් ලකුණු 65ක්ද, ඔයින් මෝගන් 22ක්ද, ජොනී බෙයාර්ස්ට්‍රෝ නොදැවී 29ක්ද, ජෝස් බබට්ලර් නොදැවී 17ක් ලබා ගනිමින් සිය ඉනිම ජයග්‍රාහී මාවත වෙත රුගෙන ආවේය. පන්දුවාර 41කදී එංගලන්ත කණ්ඩායම සිය ජයග්‍රාහී කඩ ඉම වූ ලකුණු 305 පසුකරමින් 309ක් ලබාගැනීඹට සමත්විය.

ලංකාව හා එංගලන්තය අතර එක්දින තරග පහකින් සමන්විත තරගාවලියේ 2-0ක් ජය මේවන විට එංගලන්තය හිමිකරගෙන ඇත.

මේ වන විට පැවැති තරග හතරෙන් තරග දෙකක් ජය ගැනීමට එංගලන්තය සමත්විය.
එක් තරගයක් ලකුණු සවීමෙන් අවසන්වූ අතර තෙවන තරගය වර්ෂාවෙන් බාධා පැමිණිම හේතුවෙන් ජයපරාජයෙන් තොරව අවසන් විය.

 

Leave a Reply