‘‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා උද්ඝෝෂකයෝ’’ සංවිධානයේ ප‍්‍රථම සම්මන්ත‍්‍රණය ජුනි 30 කොළඹ මහජන පුස්තකාලයේදී සංවිධාන කිහිපයක එකතුවෙන් පැවැත්වුණා.
-
සියලූ දේශපාලන සිරකරුවන් නිදහස් කරනු,
-
මර්දන නීති අහෝසි කරනු,
-
කුමාර් ගුණරත්නම්ගේ පුරවැසි අයිතිය පිළිගනු.
යන සටන් පාඨ යටතේ මේ සඳහා සහභාගී වූවන් මෙසේය.
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර,
‘අලූත් පරපුර’ සංවිධානය වෙනුවෙන් මාධව සුදන්ත,
කලාකරුවන් නියෝජනය කරමින් කිංස්ලි ලෝස් සහ ප‍්‍රියා රණසිංහ
එක්සත් සමාජවාදී පක්ෂයේ ප‍්‍රධාන ලේකම් සිරිතුංග ජයසූරිය
එක්සත් කම්කරු සම්මේලනයේ සභාපති ලීනස් ජයතිලක
ඒකාබද්ධ උපාධිධාරී රැුකියා විරහිත සංගමයේ කැඳවුම්කරු ධම්මික මුණසිංහ
කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව
නිදහස් වෙළෙඳ කලාප පොදු සේවක සංගමයේ ලේකම් ඇන්ටන් මාකස්
ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින්
මාධ්‍ය සේවා එක්සත් වෘත්තිය සමිති සම්මේලනයේ ප‍්‍රධාන ලේකම් ධර්මසිරි ලංකාපේලි
ලංකා ප‍්‍රගති ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් මයුර සේනානායක
රජයේ එක්සත් කළමණාකරණ සංගමයේ ප‍්‍රධාන ලේකම් පී ඞී සරණපාල
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික චමීර කොස්වත්ත
ප‍්‍රැක්සිස් සාමූහිකය වෙනුවෙන් සුමිත් චාමින්ද
වමේ හඬ සංවිධානය වෙනුවෙන් මහාචාර්ය සුමනසිරි ලියනගේ
ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු චන්දන සිරිමල්වත්ත
නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී මාක්ස් ලෙනින් වාදී පක්ෂයේ ප‍්‍රධාන ලේකම් සෙන්දිවේල්
විප්ලවීය සමාජවාදී කේන්ද්‍රයේ ක‍්‍රියාකාරී කමිටු සමාජික ඒ.ඩී.පී. රත්නායක
සමාජවාදී පක්ෂයේ ප‍්‍රධාන ලේකම් මහින්ද දේවගේ
ශ‍්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ උප භාණ්ඩාගාරික හර්ෂණ තුෂාර
තරුණ නීතීඥයින්ගේ සංගමය වෙනුවෙන් නීතීඥ මංජු ශ‍්‍රී චන්ද්‍රසේකර
මෙහිදී අදහස් දැක්වූ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර,
“ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ මේ සම්මන්ත‍්‍රණය පැවැත්වෙන මොහොත විශේෂයි. පසුගියදා මේ රටේ පාර්ලිමේන්තුවේදී තොරතුරු දැන ගැනීමේ පනත හා විද්‍යුත් හැඳුනුම්පත් පිළිබඳ පනත යනු පනත් දෙක ඒකමතිකව සම්මත වුණා. ත‍්‍රස්තවාදය වැලක්වීමේ පනත අහෝසි කරනවා කියපු පාලකයෝ ඒ වෙනුවට පනත් තුනක් ගෙන ඒමට නියමිතයි.
දැන් මේවා බැලූ බැල්මට කව්රුත් අහනවා මොකක්ද මේවගේ තියෙන වැරැද්ද කියලා.
නමුත් අපි කියන්නේ කවදාවත් පෞද්ගලික විශ්වවිද්‍යාල පනත අධ්‍යාපන පෞද්ගලීකරණ පනත කියලා එන්නේ නෑ. ඉහත කතා කළ හැම පනතක්ම පහුගිය කාලේ සමාජයේ විවිධ තැන්වල ඒවයේ තිබෙන මර්දනීය ස්වභාවය ගැන කතා වුණා. නමුත් දැන් ඒවායින් සමහරක් පාර්ලිමේන්තුවේ සම්මත වෙලා තියෙනවා. ඉදිරියේදී සම්මත වීමට නියමිතයි.
මේ සියල්ල මේ විධියට සිදු වෙද්දී අපි පහුගිය කාලේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ සාකච්ඡාවට ගියොත්, මෛත‍්‍රීපාල සිරිසේන මහත්මයා කිව්වේ ඔහුගේ මහවැලි ඇමති කම නැති වුණා. චන්චද්‍රිකා කුමාරතුංග මහත්මියට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ප‍්‍රධාන කාර්යාලයට යන්න බැරිවුණා කිව්වා. දැන් ඒ ප‍්‍රශ්න විසඳිලා. රාජිත සේනාරත්නට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලැබිලා සෞඛ්‍ය විකුණන්න. ඇමතිකම් ලැබිලා.
අද මේ අයගේ ප‍්‍රශ්න විසඳිලා. නමුත් වතුර ඉල්ලා සටන් කරපු රතුපස්වල ජනතාවට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලැබුණද? පැල්වෙහෙර ගොවීන්ට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලැබුණද? මේක තමයි රටේ සාමාන්‍ය මිනිස්සුන්ට හම්බුවෙච්ච ප‍්‍රජාතන්ත‍්‍රවාදය.
ශිෂ්‍ය ව්‍යාපාරය පැත්තේන් කැලණියේ ශිෂ්‍ය ශිෂ්‍යයාවෝ 08 දෙනෙක් දින 50ක් බන්ධනාගාරයේ, කැළණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය නායකයෝ ශිෂ්‍යාවන්ගේ ගැටලූ කතා කරන්න රැුස්වීමක් ගත්තා කියලා පොලිසියට කැඳවලා. රජරට විශ්විද්‍යාලයේ ශිෂ්‍ය නායකයකුගේ තාත්තා කෙනෙක් පොලිසියට කැඳවනවා. පොලිසිය දෙමාපියන්ට තර්ජනය කරනවා දරුවෝ දේශපාලනය කරනවා කියලා. විශ්වවිද්‍යාල පරිපාලනයෙන් කතා කරලා දෙමාපියන්ට කියනවා තමන්ගේ දරුවෝ ඉදිරියේදී පන්ති තහනම් වීමට නියමිතයි කියලා. මේකද අපි ඉල්ලපු ප‍්‍රජාතන්ත‍්‍රවාදය.
අද කටුනායක කම්කරුවෝ උද්ඝෝෂණය කරනවා. අයි ඒ? ඔවුන්ට සංවිධානය වෙන්න දෙන්නේ නෑ.
ඒ නිසා මේ රටේ පීඩිතයන්ට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලැබිලා නෑ.
ඒ නිසා අද සියලූ දෙනාම මේ රටේ එක්තරා විධියකට මේ රටේ දේශපාලන සිරකරුවෝ. කුමාර් ගුණරත්නම්ගේ විතරක් නෙවෙයි පුරවැසි අයිතිය නැති වෙලා තියෙන්නේ. ඒ නිසා මේ අරගලය අපි ඉදිරියට ගෙන යන්න ඕන.“
‘‘අලුත් පරපුර’’ වෙනුවෙන් කලා ශිල්පී මාධව සුදන්ත
“ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන කථිකාව ලංකාවේ වරනැගෙන්නේ කොහොමද කියන එක අපි බලන්න ඕන. සෑම විටම ලංකාවේ මේක එන්නේ පාලක රෙජීමය බලයෙන් පහ කරන්න උවමණාව ආවට පස්සේ. අපි බලන්න ඕන එහෙම ප‍්‍රජාතන්ත‍්‍රවාදයකින් අපේ සමාජයට දිනා දෙන්න පුළුවන් මොණවාද කියලා.
අපිට අවශ්‍ය කරන්නේ අපේ කවුරුහරි සහෝදරයෙක්ට දේශපාලනය කරන්න අයිතිය නැති වෙන වෙලා වලදී වරනැගෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදයක්. නමුත් තියෙන්නේ කලින් කිව් විධියේ ආණ්ඩු මාරු කරන්න භාවිතා කරන ප‍්‍රජාතන්ත‍්‍රවාදයක්. ඒ නිසා අපට අවශ්‍ය කරන්නේ සමාජ ප‍්‍රගමයනක් අපේක්ෂා කරන නිදහස් වාතාවරණයක් හදාගැනීම මූලික කරගත්ත ප‍්‍රජාතන්ත‍්‍රවාදයක්.
දැන් අර්ජුන් මහේන්ද්‍රන් ගැන කතා කරනවා වගේ එකක් ගත්තොත් ඒක දේශපාලන බල අධිකාරිය මැදිහත් වෙනවා. නමුත් උතුරේ අරගලයේ නියුතු වූ අය දේශපාලන සිරකරුවන් ගැන කතා කරනකොට තියෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදය මොකක්ද? වර්ක් පර්මිට් එකකින් ලංකාවට ඇවිත් ලංකාවේ මහ බැංකු අධිපති වෙලා කටයුතු කරන අය ඉද්දී රටේ බරපල ඝාතන තිබුණු මොහොතක අරගලයක නිරතු වෙලා රටෙන් පිට වෙන්න සිදු වුණ කුමාර් ගුණරත්නම් සහෝදරයාට ලැබුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදය මොකක්ද?
මේ නිසා අපි සියලූ දෙනා අතර කථිකාවක් තියෙනවා. අපි අපේ නිදහස වෙනුවෙන් වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශය පුළුල් කරන්ගන්නේ කොහොමද? කලා කරුවන්ට පහුගියකාලේ මාධ්‍යවේදීන්ට මේ ප‍්‍රශ්න ආවා. ඒ නිසා මේ අරගලය අපේ නෙවේය කියලා අපිට මෙයින් අයින් වෙන්න බෑ. මේ හැම දෙයක් තුළම බිඳ වැටෙමින් යන්නේ මනුශ්‍යන් විධියට ජීවත් වෙන්න තිබෙන අයිතිය. ඒ නිසා අපි අලූත් භූමීන් වල අලූත් සංවිධාන රටාවන් තුළ වැඩ කරමින් මිනිස් නිදහස දිනා ගැනිමේ මොහොතක් බවට පත් කරගන්න ඕන.“
සමාජවාදී පක්ෂයේ ප‍්‍රධාන ලේකම් මහින්ද දේවගේ
ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ කතාබහ පහුගිය කාලේ සමාජයේ ඉහළටම මතු වුණා. එහි උච්ඡුතම අවස්ථාව වුනේ පසුගිය පාලකයා ලෙස හිටපු රාජපක්ෂ පාලකයා එලවා දැමීම. මෛත‍්‍රීපාලගේ ඔලූවේ මොනවද තිබුණේ. රනිල් වික‍්‍රමසිංහගේ ඔලූවේ මොණවද තිබුනේ කියන එක අපට අදාල නෑ.
රාජපක්ෂ එලවා දාපු මිනිසුන්ගේ ඔලූවේ තිබ්බේ නිදහස ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ මතවාදය. ඒ මතවාද අපේක්ෂා වත්මන් පාලකයෝ ඉවර කරලා. උතුරේ ජනයාට නිදහස ලැබුනේ නෑ. තාම හමුදා කඳවුරු. පාරම්පරික ඉඩම් තාම හමුදාව අතේ. වත්මන් පාලකයෝ බලයට ගෙන ඒමට වැඩිපුරම මැදිහත්වුනේ ඒ අය. දකුණේ අපේ වගේම උතුරේ ජනයාගේත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය අපි දිනා දෙන්න ඕන. ගෝඨාභය රාජපක්ෂ කාලේ තිබු සුදු වෑන් තාම තියෙනවා.
ඒ නිසා නැවතත් මතුවෙමින් තියෙන දේශපාලන සිරකරුවන්ගේ ප‍්‍රශ්න, මර්දන නීති, කුමාර් ගුණරත්නම්ගේ පුරවැසි අයිතිය නැති කිරීම වැනි පාලකයන්ට එරෙහිව මතුවන බලවේග දඬුකදේ ගහන හිරේට ගන්න ඒකයි ධනපති ක‍්‍රමයේ ස්වභාවය.
ඒ නිසා ඒගැන කතාබහක් ආණ්ඩුව බලයට පත් කරපු පුරවැසි බලවේග සිවිල් ක‍්‍රියාකරීන් අතරත් දැන් කතා බහක් ඇති වෙලා. අපි පහුගියකාලේ මේ අයට අපි කිව්වා මේ පාලකයන්ගෙන් ඕක බලාපොරොන්තු වෙන්න එපා කියලා. ඒ නිසා වැඩ කරන ජනයාගේ මූලිකත්වයෙන් වාමාංශික වැඩපිළිවෙලක් තුළ. එකතු කළයුතුයි. නැතිනම් අලූගෝසු ජාතිවාදී බලවේග සුදු ඇඳුම් ඇඳගෙන එන්වා. අපි ඊට ඉඩ නොදිය යුතුයි.“
නාට්‍යවේදී කිංස්ලි ලෝස්
මාව හඳුන්වා දුන්නේ රංගන ශිල්පියෙක් විධියට මේ දවස්වල පෝසත් ගෙදර තාත්තගේ චරිතේ තමයි රඟපාන්නේ බත් කන්න ඕන හින්ද රඟපානව. ඒ නිසා මම කැමතියි මාව හඳුන්වනවානම් රට දිහා ලෝකය දිහා බලා ඉන්න මිනිහෙක් විධියට.
මම අධ්‍යක්ෂණය කරපු අලූත්ම නාට්‍යයේ තිබෙනවා චරිතයක් සර් ක්ලිෆට් බ‍්‍රවුන් කියලා. ඒක තැනක ඔහු මෙහෙම කියනවා.
‘හැඟීම්බර මෝඩයන්ගෙන් රටකට වැඩක් නැත.’
තව වෙලාවක ඔහු මෙහෙම කියනවා.
‘රටක ජනතාවට දැනුවත්වෙන්න උවමණාවක් නැතිතාක්කල් ඔවුන්ව පාලනය කරනු ලබන්නේ කපටියන් විසිනි.’
මම දශක හයක් ජීවත් වෙලා තියෙනවා. මම විශ්වාස කරන්නේ මිනිස්සු ඡුන්දය දෙනවා නෙවෙයි කට්ටියක් ඡුන්දය ගන්නවා. වඩා හොඳට බොරු කියන එකා ආණ්ඩුවක් හදනවා. වඩා හොඳට රවටන්න දන්න එකා ආණ්ඩුවක් හදනවා. ගෙදර මිනිහගෙන් අහනවා ගෑනි තමුසේ මොකට දෙන්නේ කියලා ගෑනිත් ඒකට දෙනවා දරුවෝ ඉන්නවා 18 ඡුන්ද ඒකත් ඒකට යන්නේ. සමහරු මේකට විරුද්ධ වෙන්න පුළුවන් නමුත් මම දකින දේ මම කියන්නේ.
රැවටීමේ කලාවයි මේ යන්නේ. ආසන්නම උදාහණයට තමයි රාජපක්ෂවරු පලවා හැරීම. මාත් හිටියා. දැන් මේ අය යන විධිය හොඳඳ. මේක ආඬි හත් දෙනාගේ කැඳ හැලිය වගේ. මේක ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්.
ඒ නිසා බර්ටෝල් බ්‍රෙෂ්ට් කිව්ව වෙගේ ජනතාවයි දැන් මාරු කරන්න තියෙන්නේ.
අපි එකතුවෙමු මිනිස්සු දැනුවත් කරමු. මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළ බහුතරයක් මැට්ටෝ උනොත් බිහිවෙන්නේ මැටි ආණ්ඩුවක්. බහුතරයක් කපටි උනොත් බිහිවෙන්නේ කපටි ආණ්ඩුවක්. බහුතරයක් මෝඩ උනොත් බිහිවෙන්නේ මෝඩ ආණ්ඩුවක් ඒකට නැවතීමේ තිත තියමු.
එක්සත් කම්කරු සම්මේලනයේ සභාපති ලීනස් ජයතිලක
“අප ආරම්භකොට තියෙන පුලූල් උද්ඝෝෂණ ව්‍යාපාරය සියලූ දේශපාලන සිරකරුවන් වෙනුවෙන් කුමාර් ගුණරත්නම් සහෝදරයාගේ දේශපාලන අයිතිය දිනාගැනීමට.
අපිට වගකීමක් තියෙනව මිනිසුන්ගේ අයිතිවාසිකම් මත ගොඩනැගෙන දේශපාලනික ව්‍යාපාරයක් ගොඩනගාගැනීමට.
අප මේ වෙනුවෙන් පෙනී සිටින විට අපට අද පේනවා ධනපති ක‍්‍රමය කඩා වැටෙනවා. ඒ නිසා නිර්ධනයින්ට සංවිධානය වීමේ කටයුත්ත විශේෂයි.
පසුගියදා පැවැති බි‍්‍රතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට ගත් තීරණය ගැන කතා කළොත් මේක පැහැදිළිව එරට නිර්ධනභාවයට ලක් වන විට එරට මිනිසුන්ට රක්ෂා ලබාගන්නට අහාර ලබා ගන්නට තිබෙන අවස්ථා අඩු වෙනවා. හරිහැටි නායකත්වයක් නැතිව යනවිට මිනිස්සු ජාතිවාදී හැඟීම් මත මේවා අවුස්සන්නට පුළුවන් නමුත් අපිට කියන්න තියෙන්නේ 1944 ගොඩනැගූ සැලැස්ම අද ඉවරයි. කන්සර්වේටිව් පක්ෂයටත් කම්කරු පක්ෂයටත් මීට විසඳුම් නෑ. ධනපති ක‍්‍රමයට තව විසඳුම් නෑ.
අපිට තියෙන විසඳුම් මොණවද? ලතින් ඇමරිකාවේ පහුගියකාලේ ගොඩනැගුනු බලවේග දකුණට ගසාගෙන යනවා. බ‍්‍රසීලෙත් එහෙමයි.
ඒ නිසා අපි මේ ගොඩනගාගත්ත මේ මූලික සටන් පාඨ තුන ඉතා වැදගත්. පහුගිය කාලේ අපි සටන් පැරදුනේ නෑ. රොෂේන් චානක මරලත් ඒ විශ‍්‍රාම වැටුප් පනත් පාර්ලිමේන්තුවට ගේනන පුළුවන් උනාද?
ඊට පස්සේ විශාල උද්ගෝෂණ පැවැතුනේ නෑ. නමුත් රුපියල් 2500 දිනාගැනීම පිළිබඳ ඒ වගේ සටනක් නිර්මාණය වෙමින් තියෙනවා. ඒ වගේම නායකත්වයේ කුමන විවාද පැවතුනත් දැන් ඒකාබද්ධව සටන් කරනවා. ඒ වෙගේම කටුනායකදී පහුගියදා සිදු වූ උද්ඝෝෂණයෙන් අද තිගැස්මක් ඇති වෙලා තියෙනවා. ගොවීන් ධීවරයින් ගත්තත් එහෙමයි. ඒ නිසා දේශපාලනිකව මේ පිරිස් අතරට අද මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ කතාව ගෙන යන්න ඕන. ඒ වෙනුවෙන් අපි සියලූ දෙනා එකතුවෙන්න ඕන.
මෙතනදී විශේෂයෙන් කුමාර් ගුණරත්නම් සහෝරදරයා ගැන කතා කලොත් මේ ප‍්‍රශ්නේ විශේෂයි. ඔහුට දේශපාලන අයිතිය ලබා ගැනීමට අපි මැදිහත් විය යුතුයි. දේශපාලන නායකත්වය ඉතා වැදගත්. අප අතර මොන මතභේද තිබුණත් ඒ දේශපාලන අයිතිය තිබුනොත් විතරයි අපට ඒවා සකස් කරගෙන යන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ සියලූ බලවේග එක්ව මේ සටන කළ යුතුයි.“
ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින්.
“අද දවසේ අපි මේ සම්මන්ත‍්‍රණයට සම්බන්ධ වෙන්නේ ජනතාව ජනවාරි 08 වෙනිදා බලාපොරොත්තු ඉටු වුණාද කියන ප‍්‍රශ්නේ එක්ක තමයි.
උදාහරණයක් විධියට උද්ඝෝෂණ සඳහා ආණ්ඩුව ගත් ක‍්‍රියාමාර්ග රාජපක්ෂ ආණ්ඩුව කරපු දේමයි. දැන් ආණ්ඩුව කරමින් ඉන්නේ අධිකරණය යොදා ගනිමින් මර්දනය කිරීම. මෙතන ඉන්නවා ධර්මසිරි ලංකාපේලි සහෝදරයා මතක ඇති ‘කලූ ජනවාරිය’ කරන්න ගියාට පස්සේ රාජපක්ෂ ආණ්ඩුවත් මේකම කරා.
ආණ්ඩුවේ වර්ථමාන ස්වභාවය තමයි අයිතිය පිළිගනිමින් අයිතිය පැහැරගැනීම. ආණ්ඩුව ප‍්‍රජාතන්ත‍්‍රවාදීව පිලිගන්නවා උද්ඝෝෂණය කරන්න අදහස් ප‍්‍රකාශ කරන්න තියෙන අයිතිය. අනිත් පැත්තෙන් පොලිසිය යොදලා මර්දනය කරනවා. අපිට දකින්න තියෙන්නේ පැරණි ක‍්‍රියා නව ස්වරූපයෙන් ගෙන ඒම.
අද පත්තර වල දකින්න ඇති. පාසල් සංවර්ධන මණ්ඩල මේවා ආවේ රනිල් වික‍්‍රමසිංහගේ ධවල පත‍්‍රිකා වලින් අද ඒවා නැවත ක‍්‍රියාත්මක කරන්න යනවා. පාසැල්වල ආදිශිෂ්‍ය සංගම්, සුභපතන්නන් එකතුවෙලා කළමණාකරණ මණ්ඩල හදනවා. 2015 ජනවාරියේ ගෙනවා මුදල් එකතු කිරීම නීති ගත කිරීමේ පනතක් දැන් 2016 ගේන්න යනව පාසල් සංවර්ධන මණ්ඩල පනත.
මේ කරන්න යන්නේ අධ්‍යාපනය පෞද්ගලීකරණය තහවුරු කිරීම. පෞද්ගලික විශ්වවිiාල ආදියෙන් අධ්‍යාපනය පෞද්ගලීකරණය කරල ඉවරයි. මේ කරන්න යන්නේ ඒක තහවුරු කරන එක. ආණ්ඩුව මේ සියල්ල කරන්නේ ඉතාම ලස්සනට හිනාවෙවී.
ඒකයි මෙතන තියෙන බරපතලම ප‍්‍රශනේ. ජිනීවා මානව හිමිකම් කොමිසම ඉදිරියට ගිහිල්ලත් ආණ්ඩුව කරන්නේ මොකක්ද? දෙමල ජනතාව යුක්තිය ඉටු කිරීම වර්ණනාත්මකව කතා කරලා කරන්නේ ඒක නෙවෙයි. ඝාතන සම්බන්ධයෙන් කෝ සාධාරණය. මේ අධිකරණ වලින් යුක්තිය බලාපොරොත්තු වෙන්න. බෑ. දෙමල ජනතාවගේ කුස්සියට ගිහින් කරන්නේ. වද හිංසාවට එරෙහිව අද මෛත‍්‍රීපාල සිරිසේන පා ගමන් යනවා ඒකද කරන්න ඕන. ඒ මර්දන නීති අහෝසි කරන එක. ඒ නිසා අද මේ අපි එකතු වෙලා ඉන්න මූලික සටන් පාඨ මත පදනම් වෙලා ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනා ගන්න අරගලයට අපි හැමෝම එකතු වෙමු.“
එක්සත් සමාජවාදී පක්ෂයේ ප‍්‍රධාන ලේකම් සිරිතුංග ජයසූරිය
“අපේ රට නැවත ඉතා තීරණාත්මක තැනකට සේන්දු වෙමින් තියෙනවා. අද ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ ප‍්‍රශ්නය ජාත්‍යන්තර තලයේ ප‍්‍රශ්නයක් බවට පත්වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි අද සමස්ථ ලෝක ධනේෂ්වරයම අර්බුදයක ගිලිලා ඉන්නේ.
මේ තත්ත්වය තමයි බි‍්‍රතාන්‍ය යුරෝපා සංගමයෙන් වෙන් වෙන්න ගත්ත තීන්දුව තුළ දකින්නනේ. ධනපති පන්තියේ මර ලතෝනිය. මේ නිසා අද රනිල් වික‍්‍රමසිංහලාගේ කකුල් වෙවුලන්න පටන් අරගෙන තියෙනවා.
මෙහෙ ඉඳලා ධූත පිරිස් අරිනවා කැමරන්ව බේර ගන්න. නමුත් යුරෝපයේ තරුණයෝ කම්කරුවෝ අද යුරෝපා හවුලට එරෙහිව සමාජවාදී සටන්පාඨ යටතේ පෙරට එමින් තියෙනවා. ඒක ඇතුලේ විතරයි යුරෝපේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු වෙන්නේ.
අද රනිල්ලා, මෛත‍්‍රීලා විවිධ බෝඞ් ලෑලි දාගෙන අද ගමන් කරමින් සිටින්නේ කම්කරුවන්ගේ, ශිෂ්‍යයන්ගේ දෙමල ජනතාවගේ අයිතීන් වනසන එක. අපි වැට් බද්ධ හරහා දකින්නේ ඒක. අද වෙළෙන්දෝ පාරට බැහැල තියෙනවා. අපි කියන්නේ ජනතාව පාරට බස්සන ව්‍යාපාරයක් අපි හදමු. ජාතිවාදයට ඉඩ නොදෙන්න. සියලූ දෙනාම එකතුවෙලා ජනතාව මරණ ජනතාව කනත්තට දක්කන මේ ඊනියා යහපාලන ආණ්ඩුවේ සකලවිධ ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී තත්ත්යන්ට එරෙහිව පෙළගැසිය යුතුයි.
මේ සියල්ල අතර උතුරේ ජනතාවගේ ප‍්‍රශ්නය වෙන් කරලා ගන්න බෑ. අද අල් හුසේන් නැවතත් කතා කරනවා. හයිබි‍්‍රඞ් ගැන කතා කරනවා. ආණ්ඩුව පස්ස ගහල තියෙන්නේ. උතුරේ ජනතාවට මේ තියෙන අධිකරණ පද්ධතිය ගැන තඹ දොයිතුවක විශ්වාසයක් නැති නිසා තමයි අද ජාත්‍යන්තර පරීක්ෂණ ඉල්ලන්නේ. එතනදී වමේ ව්‍යාපාරය ඉන්නේ ඔවුන් එක්ක.
උතුරේ ජනතාවගේ ජාතික ගැටලූව මේකට කොහොමද බද්ධ කරගන්නේ කියන්නේ මෙතන අද මූලික ප‍්‍රශ්නයක්. අපි අතර නොයෙක් වෙනස්කම් තියෙන්න පුලූවන්. නමුත් ධනපති පන්තිය අද එක පැත්තකට එකතු වෙනවා. ඒ නිසා මේ රටේ වමේ ව්‍යාපාරය මීට වඩා බරපතල තත්ත්යන්ට මුහුනදීලා තියෙනවා. ඒ නිසා මේ රටේ ජනතාව පීඩිතයා එකතු කරගත්ත ව්‍යාපාරයක් ඇතුලේ විතරයි මේ ප‍්‍රශ්න විසඳෙනනේ. කුමාර් ගුණරත්නම් සහෝදයාට පුරවැසි අයිතිය ලැබෙන්නේත් ඒ අරගලය ඇතුලේ විතරයි. මේක අපි ඔක්කෝටම මේ ඉරණම අත් වෙන්න නියමිතයි. මේ නිසා මේ සියලූ ප‍්‍රශ්න එකාබද්ධ කරගන්නා අරගලයකට අපි සියලූ දෙනාටම ආරාධනා කරනවා.“
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික චමීර කොස්වත්ත.
“අපි මුලින්ම කියන්න ඕන මේ මුන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සෙප්පඩ විජ්ජාවක්. ඒ නිසා ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සම්බන්දයෙන් සිහින අපිට නෑ. අපිට පන්තියේ මිනිසුන්ගේ සංවිධාන හයිය මත අපි ඒ අයිතිය දිනාගන්න නියමිතයි. ඒ නිසා අපේ ස්ථාවරය නිෂ්චිතයි.
මේ අතර ධනපති ප‍්‍රජාතන්ත‍්‍රවාදය අර්ථයෙන් ඒක වඩා පුළුල් වීම සඳහා වූ සමාජ කථිකාවතකටයි අපි අවතීරණය වෙලා ඉන්නේ. ඒකට හේතු ගොඩක් තියෙනවා.
මාධ්‍ය, ශාලා, කඩදාසි තොග පිටින් ධනපති පන්තිය අත ඒකරාශි වෙලා තියෙන මොහොතක තැලෙන පෑගෙන පීඩිත පන්තියේ අපිට ප‍්‍රජාතන්ත‍්‍රවාදය සම්බන්ධයෙන් සීමාවක් තියෙනවා. ඒ නිසා උන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇතුලේ අපි සෙල්ලම් කරන්න පටන් ගන්නවා. මොකද මුන් අපිට විරුද්ධව ලොකු සෙල්ලමක් දැන් පටන් අරගෙන තියෙනවා.
මේ නාටකය අනර්ඝයි. මෙතනදී අප ඉස්සරහා තියෙනවා මේ කලවමේ කව්ද ඉන්නේ, ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂේ මෛත‍්‍රීපාල සිරිසේනයි එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික‍්‍රමසිංහයි. මේකෙ අනිත් පැත්තට විපක්ෂයක් තියෙනවා. එකක් තියෙනවා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂේ රාජපක්ෂගේ විපක්ෂේ. උන් ඒකට කියනවා ඒකාබද්ධ විපක්ෂේ. අනික් පැත්තෙන් රනිල් වික‍්‍රමසිංහගේ විපක්ෂේ තියෙනවා ඒකෙ විපක්ෂ නායක සම්බන්ධන්, විපක්ෂයේ සංවිධායක අනුර කුමාර දිසානායක එතකොට ආණ්ඩුවත් ශ‍්‍රී ලංකා යූ එන් පී. විපක්ෂයත් ශ‍්‍රී ලංකා, යූ එන් පී.
දැන් හැමෝම එකතුවෙලා මේ රටේ ජනතාවගේ අයිතීන් විනාශ කරන අන පනත් සම්මත කරගෙන කරගෙන යනවා. කතාකරන්න මොකෙක්වත් නෑ. තොරතුරු දැනගැනීමේ මුවාවෙන් තොරතුරු දැනගැනීම වසන්කිරීමේ පනත සම්මත කරා. අංගුලිමාල හැඳුනුම්පත ගෙනවා. විද්‍යුත් හැඳුනුම්පත කියලා බුද්ධි අංශවල උවමණාටවට මේ රටේ මිනිසුන්ගේ සියලූ තොරතුරු ඇඟිල සලකුනේ සිට ඇසේ කාච සලකුණු දක්වා සියල්ල ලබා ගැනීමට එකඟ වෙනවා. ජනතා විමුක්ති පෙරමුණ කියනවා මේක නොමිලේ කරලා දෙන්න කියලා. ආණ්ඩුවත් කැමති වෙනවා. මේවා ඇතුලේ තියෙන ධනපති ආණ්ඩුවල මර්දනීය ස්වභාවය ගැන කතා කරන්න පාර්ලිමේන්තුවේ එක කටක්වත් නෑ.
අපිට පුදුමයකුත් නෑ. මොකද 8 වෙනිදා කරපු සෙල්ලම දැන් ඉවරයි. දැන් ජනතාවගේ නියෝජිතයෝ කියලා රොත්ත බුරුත්ත පිටින් ඔක්කෝම ලැගලා ඉන්නවා පාර්ලිමේන්තුවේ.
දැන් අපි බලාඉන්නවද මේ තත්වය වෙනස් කරන්න මැදිහත්වෙනවාද.
කලින් කතා කරපු හැමෝම කිව්වා වගේ මේ රටේ නීතිය තුල අසාධාරණකම් කතා කරන්න පීඩිතයට සල්ලි නෑ. අත්අඩංගුවට ගත්ත සැකකරුවෝ කියලා එකම දෙබස් කියලා මරලා දැම්මා. පොලිසියට ජනතාව ලයිසන් දීලා තිබ්බා රාජපක්ෂ කාලේ වෙඩි තියලා මරන්න. එහෙම පොලිසියක් කොමිසම් දාලා සුද්ද කරන්න පූජිත ආවම පූජිතයි කිව්වා.
නමුත් අපි දන්නවා. දැන් කේන්ද්‍රයට හෙන ගහලා තියෙන්නේ. යුරෝපයේ ධනපති රට වල ජනතාව නොනිදන රැුලි පටන්ගෙන තියෙන්නේ. එතකොට මුන්ට කියලා කිසිම දෙයක් නැති අන්ත පසුගාමී ලොන්ත ධනපතියන්ගෙන් මේ රටට ප‍්‍රජාතන්ත‍්‍රවාදය බලාපොරොත්තු වෙන්න බෑ. ඒ නිසා මර්දනය විතරයි මුන් දෙන්නේ. මුන්ගේ යහපාලනය සිහිනයක්.
ජනවාරි 8ට කලින් මේ බලාපොරොත්තු තොරොම්බල් කරලා. ධනපති දේශපාලන බලහුවමාරුවල ප‍්‍රජාතන්ත‍්‍රවාදය පත් කරනවා. අපි ඒකට ආයෙ ඉඩ තියන්නේ නෑ. මේක තවත් ධනපති පාලනයකට ගන්න ඉඩ දෙන්නේ නෑ. ඔවුන් ආසයි මේක සංශෝධනවල කතා වලට සීමා කරන්න. ගිය වතාවේ සමහරක් වම්මු, සිවිල් ක‍්‍රියාකරිකයෝ දැනගෙන මේක රිඩියුස් කරා.
ප‍්‍රජාතන්ත‍්‍රවාදය සම්බන්ධ කතාවට පන පෙවුනේ රතු පස්වල මිනිස්සුන්ගේ ලේ වලින්. රොෂේන් චානකලාගේ, ධීවර ඇන්ටනීලගේ ලේ වලින්, සිසිතලා මාතලන්ලාගේ ලේවලින් මේක පන පෙවුනේ. මේක ගෙනාව පොදු අපේක්ෂකයාට. විධායක ජනාධිපති ක‍්‍රමයට ඇවිල්ලා. දැන් ඇවිල්ලා අහෝසි කරන ජානධිපති දැන් ලැගල ඉන්න ජනාධිපති.
ජනතාව අද තම අයිතිවාසිකම් පිළිබඳ ප‍්‍රශ්නෙදි ගුටි කනවා. ඉදිරියේ වෙඩි කෑමට නියමිතයි. එතකොට සුදු වෑන් හා මාධ්‍යවේදීන්ට මර්දනය එනවා.
අපි කියනවා උන් දෙන්නෙත් නෑ. මුන් දෙන්නෙත් නෑ. ඒක දිනාගන්න වැඩ කරන ජනතාවට ශිෂ්‍යන්ට එකතුවෙලා සටන් කරන්න තියෙන්නේ.
ඒ නිසා ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා උද්ඝෝෂකයෝ අපි කැඳවුවා. මේක මොනවහරි ආන්ඩුවක ඉනිමගක් කරගන්න දෙන්නේ නෑ. ඒ නිසා මැරිලා ඉපදුනා වගේ රාජපක්ෂලාගේ අයට මේකේ ඉඩක් නෑ. ඒ වගේම මේ ආණ්ඩුවේ නියමින් හරි අනියමින් හරි ලැගල ජනතාව පිට පිට රවට්ටන ආණ්ඩුව රකින්න දේශපාලන ව්‍යාපෘති කරන අයටත් ජනතාවගේ ඇත්ත ප‍්‍රජාතන්ත‍්‍රවාදය දෙන්න බෑ.
නමුත් අපි විවෘතයි. ජනවාරි 08 ඇත්තටම ජනතාවගේ අභිලාෂයන් කොල්ල කෑව කියල විශ්වාස කරන අයට මේ වේදිකාව විවෘතයි. මේ නිසා සටන් කිරීමට එකඟ සියලූ දෙනා එකතු කිරීම අපේ වගකීමක් මෙතන සංවිධාන ගොඩක් ඉන්නවා. නමුත් මේක ප‍්‍රමාණවත් නෑ. ඒ නිසා ජනතා අයිතීන් වෙනුවෙන් සටන් කරන සියල්ල එකඟ කරගන්න එක අපේ වගකීමක් කියලා අපි විශ්වාස කරනවා.
අපේ රටේ ගොඩක් පොදු දේවල් කරන්න අමාරුයි. පොදු දේවල් කිරීම පිළිබඳ සංස්කෘතියක් නෑ. ඒ හැම විටම අපේ වෙනස්කම් ස්වභාවයන් අදහස් මතවාද සංස්කෘතීන් හැප්පෙනවා. ඒ නිසා මේක අසීරුයි. ඒවා දුර පත්වාගෙනයාම ඊටත් වඩා අසීරුයි.
මේ සියලූ දෙනාට දැන් එකට ඉන්න ලොකු උත්සහයක් ගන්න වෙනවා. ජනතාව එක්ක එකට දේශපාලනය කිරීම ඇතුලේ වමට ප‍්‍රගතිශීලී අප සියලූ දෙනාට නිවැරදි මාවතක් හදාගැනීමේ වගකීමක් අපට තියෙනවා.
මෙතන ආමන්ත‍්‍රණය කරපු අය වගේම මේ වේදිකාවේ ඉන්න සියලූ දෙනා ඉන්නවා. දේශපාලන කුණාටුවලදී මේක කොතරම් දරාගන්න පුළුවන්ද කියන ප‍්‍රශ්නේ තිබුණත්. මේවා තේරෙන මිනිස්සු විධියට මේ වේදිකාව ඉදිරියට තව පුළුල් වෙමින් තවත් ඉදිරියට යන්න අපි බලාපොරොත්තුවෙනවා.“
මෙහිදී නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී මාක්ස් ලෙනින්වාදී පක්ෂයේ ලේකම් සෙන්දිවේල් සහෝදරයාද අදහස් දැක්වීය.




