ජනප්‍රිය ගිටාර්වාදක ස්කෝටි මූරේ මියයයි.

scotty-mooreweb

එල්විස් ප්‍රෙස්ලේගේ නායකත්වයෙන් යුත් The Blue Moon Boys සංගීත කණ්ඩායමේ ආරම්භක ගිටාර් වාදක වූ ස්කෝටි මූරේ මියගොස් ඇතැයි වාර්තාවේ. මාස කිහිපයක අසනීප තත්වයෙන් පසු අද දින එක්සත් ජනපදයේදී මියගොස් ඇතැයි වාර්තාවේ. මියයනවිට ඔහු 84 වන වියෙහි පසුවිය.

The Blue Moon Boys සංගීත කණ්ඩායාම් මේ දක්වා ජීවත්ව සිටියේ ස්කෝටි මූරේ පමණි. 1954 සිට 1968 දක්වා The Blue Moon Boys සංගීත කණ්ඩායම බටහිර සංගීත කණ්ඩායම් අතරේ ඉමහත් ජනප්‍රියත්වයට පත්ව තිබුනි. එම අවදියේදී එල්විස් ප්‍රෙස්ලේගේ බොහෝ ජනප්‍රිය ගීතවලට ස්කෝටි මූරේගේ දක්ෂ ගිටාර් වාදනය ඉමහත් බලපෑමක් කළ බව වාර්තාවේ.