කල්පන ආරියවංශ, වින්දන ආරියවංශ සොයුරන්ගේ ‘ප්‍රේමය නම්‘ චිත්‍රපටය ජූලි 14-24 දක්වා ලන්ඩනයේ පැවැත්වෙන ලංකා-ඉන්දිය සිනමා උළෙලට තොරාගෙන ඇත.
ඒ අනුව ‘ප්‍රේමය නම්‘ තිරගත වන්නේ Picture House Central සිනමාහලේ ජූලි 19වැනිදා සහ Cineworld, Wembley සිනමා හලේ ජූලි 20දා ය.
සත්‍ය කතාවක් ඇසුරින් කල්පන ආරියවංශ, වින්දන ආරියවංශ ලියූ තිරපිටපත අනුව මෙම සිනමා කෘතියේ රංගන දායකත්වය ෂ්‍යාම් ප්‍රනාන්දු, සමනලී ෆොන්සේකා, සුරංග රණවක සහ සතිශ් විජේමාන්න ආදීන්ගෙනි.


