කොල්ලකාරී අයවැයට එරෙහි විරෝධතා රැලිය අද මහරගමදී

17 relly 1

‘පැන්ෂන්, EPF-ETF, පොහොර – නිල ඇඳුම්, සහන කපන කොල්ලකාරී අයවැයට එරෙහි විරෝධතා රැලිය’ යන මැයෙන් රැලියක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ, එම රැළියේ අරමුණ වන්නේ මෙවර අයවැය මගින් ඉදිරිපත් කෙරුණු ජනතා විරෝධී යෝජනා ගණනාවකට විරෝධය දැක්වීම හා පසුගිය මැතිවරණ සමයේ ලබාදුන් පොරොන්දු ගණනාවක් ඉටු නොකිරීම සම්බන්ධ දේශපාලන පක්ෂවල සහ වෙනත් බහුජන සංවිධානවල විරෝධය ප‍්‍රකාශ කිරීමය.

‘බයික් – ත‍්‍රීවීල් වාහනවලට ගැසූ ජඩ බදු හකුලා ගනිව්! හවුල් ආණ්ඩුව පැන්ෂන් එකට කෙලී, EPF-ETF කොල්ලකයි!, පොහොර – නිල ඇඳුම් සහනාධාර ඉවරයි. ආණ්ඩුවේ ගුණ්ඩුවලට හසුනොවෙමු!, යන ප‍්‍රධාන සටන්පාඨ මුල්කරගනිමින් පවත්වන මෙම රැලිය, දෙසැම්බර් (17) අද දින සවස 3.00ට මහරගම පරණ පොල භූමියේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

මේ අවස්ථාව සඳහා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය, අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය, කම්කරු අරගල මධ්‍යස්ථානය, ලංකා ගුරු සංගමය, ඒකාබද්ධ ගුරු සේවා සංගමය, ස්වාධීන ලංකා ගුරු සංගමය, රැකියා විරහිත උපාධිධාරී සංගමය, සෞඛ්‍ය සේවක මධ්‍යස්ථානය, රජයේ ලිපිකරු සේවා සංගමය, එකාබද්ධ ජනරජ සේවක සංගමය, එක්සත් කම්කරු සම්මේලනය, එක්සත් පොදු සේවක සංගමය, සමාජවාදී වතු සේවක සංගමය, වමේ හඬ සංවිධානය, එක්සත් සමාජවාදී පක්ෂය, සමාජවාදී පක්ෂය

යන වෘත්තීය සමිති, බහුජන සංවිධාන, හා දේහපාලන පක්ෂ හෙට මහරගමදී පැවැත්වෙන විරෝධතා රැලියට සහභාගිවන වන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ අප වෙත පැවසීය.

Leave a Reply