කහටගහ පතල් කම්කරුවෝ අඩි 1800 ක් ගැඹුරේ සිට මාරාන්තික උපවාසයක!

2016.06. 27 kahatagaha workers

දොඩම්ගස්ලන්ද, කහටගහ මිනිරන් පතලේ කම්කරුවෝ අඩි 1800 ක් ගැඹුරේ සිට මාරාන්තික උපවාසයක යෙදී සිටිති.

වසර 40 කට අධික කාලයක සිට ලැබෙන රුපියල් 16 ක් වූ අවදානම් දීමනාව රුපියල් 400 දක්වා වැඩි කරන ලෙස ඉල්ලමින් පසුගිය සදුදා(20) සිට පතළ අසළ විරෝධතා ක්‍රියාමාර්ගවල නියලුණු අතර බලධාරීන් අවධානය  යොමු නොවීම හේතුවෙන් පතල් සේවකයින් 40 දෙනකු විසින් පතල තුල උපවාසය ආරම්භ කරණ ලදී. ජූනි 23වැනිදා ආරම්භ කළ උපවාසය පිළිබද පාලක ප්‍රතිචාරයක් නොවූ බැවින් 26වැනිදා සිට මාරාන්තික එකක් බවට පත්කර ඇත. කම්කරු ගැටලුවලට විසදුම් ලබා දෙන බව කම්කරු අමාත්‍යාංශ බලධාරීන් මීට පෙර පොරොන්දු වී තිබුණ ද  මෙතෙක් ඊට අදාළ පියවර ගෙන නොමැති බව උපවාසයේ නිරත පතල් සේවකයින් පෙන්වා දෙයි.

රජය සතු ආයතනයක් වන, කහටගහ ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ් ආයතනය සතු මෙම පතලේ සේවකයන් පසුගිය මාර්තු මසදීද මෙවැනිම අරගලයක යෙදුණේ ප්‍රසාද දීමනා ලබාගැනීම වෙනුවෙනි.

Leave a Reply